අද සීමා නිර්ණ වාර්තාව 2/3න් පැරදුනොත් 05 දෙනෙකුගේ කමිටුවක් දමා සම්මත කරනවා.. එවිට 2/3ක් අවශ්‍ය නෑ..- ශ‍්‍රීලනිපය කියයි..

August 24, 2018 at 3:23 am | lanka C news
අද සීමා නිර්ණ වාර්තාව 2/3න් පැරදුනොත් 05 දෙනෙකුගේ කමිටුවක් දමා සම්මත කරනවා.. එවිට 2/3ක් අවශ්‍ය නෑ..- ශ‍්‍රීලනිපය කියයි..

අද දිනයේ දී පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමට ගැනීමට නියමිතව ඇති සීමා නිර්ණ කමිටු වාර්තාව ඡන්දයෙන් පරාජය වුවහොත් ඊට විකල්ප ක්‍රමයක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සඳහන් කරයි.

එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඇමැති මහින්ද සමරසිංහ මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම විකල්ප ක්‍රමය භාවිතා කරන්නේ ඡන්ද විමසීමෙන් පරාජය වන නිසා ම නොවන බවයි.

වාර්තාව පරාජය වුවහොත් කතානායකවරයා විසින් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ හැකි බවත් එහි වාර්තාව මාස දෙකක් ඇතුළත ජනාධිපතිවරයාට ලබා දීම යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

එහිදී එම කමිටුව විසින් අදාළ සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිගැනීමට ලක් කළහොත් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් අවශ්‍ය නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

24 views
Main News