අද-හෙට සරසවි සිසු විරෝධතා තහනම් කෙරේ…
May 17, 2017 at 8:02 am | lanka C news
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් අද හා හෙට දිනවල පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතා හා උද්ඝෝෂණ අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
විරෝධතාවය පැවැත්වීමට සූදානම් කර ඇත්තේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස හා අධ්‍යාපන ගැටළු විසදන ලෙස බල කරමිනි.
මෙම විරෝධතා හේතුවෙන් මහජනයාගේ දෛනික කාර්යන්වලට බාධා ඇතිවන බවතත් මහජන සාමය කඩවන බවටත් පොලීසිය විසින් කල ඉල්ලීමක් අනුව වාරණ නියෝගය නිකුත් කර ඇත.