අද 40ක් සුව වී යයි.. සුව වීමේ ප‍්‍රතිශතය 60% පනී.. අද වාර්තාව මෙන්න…

May 23, 2020 at 2:10 pm | lanka C news
අද 40ක් සුව වී යයි.. සුව වීමේ ප‍්‍රතිශතය 60% පනී.. අද වාර්තාව මෙන්න…

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 කාලය තුල කොරෝනා ආසාදිත ව සිටි පුද්ගලයන් 40 දෙනකු සුවය ලබා රෝහල වලින් බැහැරව ගොස් තිබේ.

එම කාලයේදී කොරෝනා ආසාදිතව රෝහල් ගතකර ඇත්තේ රෝගීන් 13 දෙනෙකි.

ඒ අනුව මේ වනවිට රෝහල් ගතකර සිටින පිරිස 399 දක්වා පහළ බැස ඇති අතර සුවපත් වී ගිය පිරිස 660 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා යයි සැක සහිතව රෝහල් ගත කර සිටින පුද්ගලයන් ගණන 101කි.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1068 වන අතතර ඉන් සුවපත් වූ ප‍්‍රතිශතය 61.7%කි.

වසංගත රෝග විද්‍යා අංශය අද වාර්තාව මෙසේය.

18,302 Viewers

11 Comments to “අද 40ක් සුව වී යයි.. සුව වීමේ ප‍්‍රතිශතය 60% පනී.. අද වාර්තාව මෙන්න…”

  1. රට වැසිය says:

    I love Sri Lanka ❤️

  2. සරා says:

    මල කෙරේයයි.දැන් එතකොට මහා පාරේ මළමිනී ගොඩ ගැහෙනකම් කලා හිටිය අනුර කුමාරටයි මෝඞ සජිත්ටයි මොකද වෙන්නේ?

  3. හිච්චිමහත්තෙයා says:

    වෙන්න බෑ ඕයි!
    අර මිසී මහත්තය නං කියන්නෙ ටැස් අඩු හිංදලු ලෙඩ්ඩුයි මරණයි අඩු. ටැස් කලොත් අැමැරිකා වගෙ තියේවිලු

  4. Dr Dr Dr says:

    Tribute to IDH health staff specially.

  5. Aurora says:

    ශ්‍රී ලංකාවේ භුමි ප්‍රමාණයට සාපේක්ෂව බැලුවම අපේ රටේ ජනගහණය ඉතාමත් වැඩියි. රට කුඩා වුනාට ජනගහණය අනුව අපි 57 වන ස්ථානයේ ඉන්නේ. ජනගහණය වැඩි අපිට උඩින් ඉන්න රටවල් බැලුවම රටේ ප්‍රමාණය අනුව ජනගහණය විසිරිලා ඉන්නේ. කොරෝනා වගේ පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝවන කොරෝනා වැනි වෛරස් රෝගයක් පැතිරෙනකොට මහා භයානක තත්වයක්. ඒ අනුව බැලුවම අපේ ජනාධිපතිතුමා, කොරෝනා මර්ධන බලකාය, මේ මෙහෙයුමට සම්බන්ධවුන සියලුදෙනාම කිවනොහැකි තරම් ලොකු ජයග්‍රහණයක් රටට අරන්දීල තියෙන්නේ. නමුත් පට්ට ගොන්නු ඉන්න UNP සහ SJB ත් අමු දේශද්‍රෝහී ආත්මාර්තකාමී පරයෝ ඉන්න JVP එකටත් මේක උන්ගේ ඔලුවලට ගහපු හෙනයක් වගෙයි. නමුත් දේශප්‍රේමී ජනතාවට සැනසීමක්.

    • rasi says:

      Aurora, ලංකාවේ කොරෝනා ආසාදිතයන් 1000 යි. එයින් 500 ක්ම ඔයා ඔය කියන කොරෝනා “”වර්ධන”” බලකායේ නේද ??

  6. True Nature says:

    කොහොම දැන්ගලුවත් ඩුබායි වල ඉන්න ඔටුවෝ ටිකයි, ඉන්දුනීසියා, මලෙය්සියා, සයිප්‍රස්, සින්ගපුරු වල සෙට් එකයි මේකේ දාගත්තම කොහොමත් තව මාස 03 ක් විතර මේක ඇදෙනවා. ඒව්වා ඔක්කොම නොර්මල් වෙනකම් ඉතින් ඉලෙක්ෂන් වානා තමයි. එතකොට තවත් මාස 03 ක් විතර යනකම් ඉතින් නෝ පාර්ලිමන්ට්. දැන්වත් තේරුම් ගනින් වසංගතයක් එනකොටම පාර්ලිමේන්තුව විසිරුවපු එකෙන් වෙච්ච දේ. හරිම බුධිමත් පරාර්ථකාමී ගොබ්බ අමන තීරණයක්.

  7. Manoj says:

    මම ඊයෙ කියපු පෝස්ට් එකේ පලවෙනි පියවර තමයි මේ .

    මම ඊෙ කිව්වා රාවණා රජතුමාගේ හා හෙළ වෙදකමේ පිහිටෙන් මේ සතියේ කොරෝනා රෝගීන් තුන් සියයකට වැඩි පිරිසක් සුවපත් වන බව .

    මේ අද දින පළමු කණ්ඩායම .

    සුව පත් වූ ගණන හතළිහයි .

    ඔබ සැමට රාවණා රජු ගේ පිහිටයි

    හෙළ වෙදකමේ සරණයි

    තෙරුවන් සරණයි !

  8. සජබ says:

    සජී පුතා චන්ද නැතුව අගමැති කරමු.

  9. Love nature says:

    මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව බලයෙන් අනෙක් සියලුදෙනාටත් ඉක්මන් සුවය පතමි

Leave a Comment

Main News