අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීමයි….

May 28, 2022 at 2:05 am | lanka C news
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීමයි….

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව සහ කඩිනම්ව ක්‍රියාත්මක විය යුතු කරුණු රැසක් සම්බන්ධයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

දීර්ඝ කාලයක සිට රට හමුවේ ඇති ප්‍රධාන අවශ්‍යතාවක් සපුරාලමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන්ව තිබේ. එය ඉදිරි සති කිහිපය ඇතුළත දී ඉදිරිපත් කරන බව ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීහු පැවසූහ.

පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පිළිබඳවත් විෂය නිර්දේශ ආවරණය කර ඇති සීමාවන් කෙරෙහිත් විශේෂ අවධානය යොමු කෙරිණ.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ දී ක්ෂේත්‍ර ගණනාවකින් ලැබුණු සහාය අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ නිලධාරීන්ගේ පැසසුමට ලක් විය. පවතින බාධක නොතකා අනාගත දරු පරපුරේ යහපත වෙනුවෙන් බොහෝ පිරිස් ක්‍රියා කළ ආකාරය සමාජයට යහපත් පූර්වාදර්ශයක් සැපයූ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. පාසලින් පිටව යන දරුවාට කාලය ගත නොකර අනාගතය වෙත පිවිසිය යුතු මාර්ගය නිවැරදිව පෙන්නුම් කරන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

පොතපතෙහි කරුණු සිසුවාට ලබාදීමේ ක්‍රමවේදයට සීමා නොවී දරුවා සතුව ඇති හැකියාව සහ දක්ෂතාව උකහා ගනු ලබන වැඩපිළිවෙළක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ලබාදීමට සූදානම් බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා කියා සිටියේය.

තෝරාගනු ලබන විෂය ක්ෂේත්‍රය කුමක් වුවත් සෑම සිසුවෙකුටම තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට අවස්ථාව සැලසෙන පරිදි විෂය නිර්දේශයන් සකස් වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය.

පාසල් සංවර්ධනය, නිල ඇඳුම්, පෙළ පොත් සහ ගුරු පුහුණුව ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණ.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ යන මහත්වරු සහ රේඛීය ආයතන ප්‍රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

10,652 views

17 Comments to “අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීමයි….”

  1. සාමා says:

    ආයිත් පටන් අරගෙන කයිවාරු ගහන්න. ගොබ්බසේනට කරන්න පුලුවන් එකම දේ එච්චරයි.

  2. sam says:

    ආර්ථිකයට කෙලෙව්වා.

    කෘෂිකර්මය විනාශ කළා.

    අධ්‍යාපනයත් කන්නද හදන්නේ?

  3. ''මහඡණ අරගළයට නියත ඡය! says:

    බල්ලගෙ වැඩේ කිරීමටගිය රඡපකසස මරි මෝඩ වංචනික බූරැ’වන්’ රඡපකස හොරිකඩයන් ,රෑවටීමට පරණ වසවිස මාපියාව,.මහබැංකු හොරැන්, හට සූකෂම රාඡ්‍යයේ බළය පවරා රට තවදුරටත් අඝාධයට ඇදදමා තට්ටුමාරැක්‍රමයට බළය රැකගැනීමට කුමාන්ත්‍රණය කරනු ළබයි,.!
    ”සිව්හෙළය අවධානයෙන් සිටින්න,.!
    ”වංචනික නූගත් වසමාරයා බුද්ධි මාරඹේ හෙරිකඩඩ වංචනිකයාට ක්‍රෘශිකර්මය භාර නොදෙනු,.!

    ක්‍රෘෂිකරම ්විප්ළවයට සියළු වගකීම් සහිතව තිලක් කන්දේගම වාහා අනුයුක්තකරනු,.!

    රවී කරැණායගම් ඇතුළු කුමාරස්වාමි රනිල්,අර්ඡුන මහේන්ද්‍ර ඇතුළු සමස්ථ හොර හැත්ත රාඡපකයන් නිළධාරී හොරීකඩයන් රකිනුළබයි,.! සමස්ත මොඩ ත්‍රස්ථයන් ඡනතාව මළපුඨුවක සිරකර රට කොළ්ලකනු ලබයි,.!

    දුශිත රඡපක සමස්තය ඇතුළු සමස්ත 225+ගූඨා ඡනාධිපති රනිල් අගමැති වහාම කොන්දේසි විරහිතව බළයෙන් පන්නනු,.!
    ”මහඡණ අරගළයට නියත ඡය!

    වංචනික දසවිධ මාරයන් හෙළ දීපයෙන් පන්නාදැමීමට මහඡන අරගළයට ළුකාවන්ව පෙළගැසෙනූ ,.!වහවහා පෙළ ගැසෙනූ,.!

  4. The Funeral Director says:

    සියලු අර්බුද අස්සේ, ලංකා ජනාධිපති විසින් දිගු කාලයක් කරන ලද පර්යේෂණයක පුථිපලයක් අද දින පුකාශයට පත් කරන ලදී.

  5. King Bull says:

    ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු නොවන කෙනෙක් තමා ලංකාවටම කෙලියෙ.

  6. ගිය නුවණ says:

    ඔවාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට
    දුසුරිත් දනන් දෙන ඔවා වැද්දන් දෙසන බණ වැනි…

  7. sena says:

    ප්‍රාථාමික අධ්‍යාපනය ඉක්ග්‍රීසියෙන් ලබා දෙන්න කලු සුද්දෝ කැමති නැත.

  8. S. Vitharana says:

    For many of us the problem is not had had proper elementary education!🤣 😂

  9. janapathithumani, ugathkamak nethi rajapaksawaru adyapana darsanaya, paramartha gena katha karana wita apata passa petten hina yanawa. asadaranayata, horakamata nakayanta wiruddaawana ratata aadre ethi kuslatha, akalpa ethi aya bihi kalayuthuyi.

  10. Gon athal says:

    Really… no more need your guidance.. you must get out from Sri Lanka forever…. useless visionless President Gota..

Main News