අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීමයි….
May 28, 2022 at 2:05 am | lanka C news
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව ප්රමුඛව සහ කඩිනම්ව ක්‍රියාත්මක විය යුතු කරුණු රැසක් සම්බන්ධයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
දීර්ඝ කාලයක සිට රට හමුවේ ඇති ප්‍රධාන අවශ්‍යතාවක් සපුරාලමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන්ව තිබේ. එය ඉදිරි සති කිහිපය ඇතුළත දී ඉදිරිපත් කරන බව ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීහු පැවසූහ.
පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පිළිබඳවත් විෂය නිර්දේශ ආවරණය කර ඇති සීමාවන් කෙරෙහිත් විශේෂ අවධානය යොමු කෙරිණ.
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ දී ක්ෂේත්‍ර ගණනාවකින් ලැබුණු සහාය අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ නිලධාරීන්ගේ පැසසුමට ලක් විය. පවතින බාධක නොතකා අනාගත දරු පරපුරේ යහපත වෙනුවෙන් බොහෝ පිරිස් ක්‍රියා කළ ආකාරය සමාජයට යහපත් පූර්වාදර්ශයක් සැපයූ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. පාසලින් පිටව යන දරුවාට කාලය ගත නොකර අනාගතය වෙත පිවිසිය යුතු මාර්ගය නිවැරදිව පෙන්නුම් කරන ප්රතිසංස්කරණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
පොතපතෙහි කරුණු සිසුවාට ලබාදීමේ ක්‍රමවේදයට සීමා නොවී දරුවා සතුව ඇති හැකියාව සහ දක්ෂතාව උකහා ගනු ලබන වැඩපිළිවෙළක් අධ්‍යාපන ප්රතිසංස්කරණයෙන් ලබාදීමට සූදානම් බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා කියා සිටියේය.
තෝරාගනු ලබන විෂය ක්ෂේත්රය කුමක් වුවත් සෑම සිසුවෙකුටම තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට අවස්ථාව සැලසෙන පරිදි විෂය නිර්දේශයන් සකස් වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය.
පාසල් සංවර්ධනය, නිල ඇඳුම්, පෙළ පොත් සහ ගුරු පුහුණුව ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණ.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ යන මහත්වරු සහ රේඛීය ආයතන ප්රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
Time to get rid of O Levels and A Levels. Proven to be failure in generating innovative, productive and compassionate citizens.
ගෝටාබය ජනාධිපතිතුමා වගේ තව දහදෙනෙක් හිටියොත් රටම ගොඩ ගත හැකියි
අනේ මහත්තයෝ වෙන මොනවත් ඔයා හදන්න යන්න එපා ඒවා තියන පරිද්දෙන් තියලා මේ තියන ප්‍රශ්න ඉවරයක් කරන්න.ඔයාලා තව තව ප්‍රශ්න හදන්න එපා.
ආදරෙන් කියන්නෙ ……….කරැනාකරල පුලුවන් තරං ඉක්මනින් පලයං මහත්තය……..
කරපු සංවර්ධනය ඉහටත් උඩිං………
ආයෙ මොකුත්ම එපා………
පලයං Please ……
වස්තුවට හා බලයටත් කොමිස්වලටත් රටට වඩා ආදරේ කරන මැටි මොළවල් සහ සට කපට කමට උපන් හපන් ලැජ්ජාව හදුනන්නේ නැති ජනපති ඇතුළු ඇමති මණ්ඩලයට පුළුවන්ද යහපත් පුරවැසියො හදන්න? අපේ රටේ බුද්ධිමතුන් සහ වෘත්තිකයන්ට මෙය කරන්න දීල චුත වෙන්න කියලයි තොපිට කියන්නේ.
Yes. Not products like the current JEPPO brainwashed Uni students.
බැරිවැඩ නොකරන් නන්දේ ,.!
ළබාදුන් විවේක කාළය අවසන්,.! වහාම ක්‍රිරියාත්මක වනු,.!
සමස්ථය විගනයකිරීමට,දේශපාළුවන්ගේ නිළධාරීන්ගේ වරදාන වරප්‍රසාද වහාම අහෝසිකර, ද්විත්ව පුරවැසියන්වූ දේශපාළුවන් නිළධාරීන් පන්නා දමා සමස්ථය ඡනතාවට වගකියනා නීතියට යටත්,.ව්‍යවස්ථාව වහාම සංශෝධණය කරනු,.!
ළබාදුන් විවේක කාළය අවසන්,.! වහාම ක්‍රිරියාත්මක වනු,.!