අධ්යක්ෂ මණ්ඩල පත් නොකිරීමෙන් රාජ්‍ය ආයතන කඩා වැටේ…
February 7, 2019 at 3:00 pm | lanka C news
විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමින් පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පල කලේය.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණ මාස දෙකක් ගත වුණත් තවමත් රාජ්‍ය ආයතන වලට අධ්යක්ෂ මණ්ඩල පත් කරන්න අසමත් වෙලා තිබෙනවා. මේ නිසා අද සමස්ත රාජ්‍ය සේවයම අර්කමන්ය වෙලා. රාජ්‍ය බැංකු වල මිලියන 10ට වැඩි ණයක් ලබා දෙන්න විධියක් නෑ ඒක අනුමත කරන්න අධ්යක්ෂ මණ්ඩල නෑ. ඒ වගේම සියළුම රාජ්‍ය ආයතන වලට සේවකයින් බඳවා ගන්න බෑ. වැඩි වටිනාකමක් තිබෙන මිළ දී ගැනීම් කරන්න බෑ.
පත්වීම් ප්‍රමාදය පිළිබඳ ජනාධිපති පත් කළ කමිටුවට දොස් කිව්වාට ජනාධිපති ලේකම් කියන්නේ තමන්ට ලැබෙන සියළුම නිරදේශ පැය 24ක් ඇතුලත අනුමත කරලා එවන බවයි. අගමැති කාරයාලයේ මේ පත්වීම් සිර වී ඇති බවට බලවත් චෝදනාවක් තිබෙනවා. ඒ වගේම සමහර ඇමතිවරු තවම අධ්යක්ෂවරුන් ලෙස පත් කිරීමට නිරදේශිත නම් කමිටුවට යවලාවත් නෑ.
මේ අතරේ තවත් සමහර ඇමතිවරු අධ්යක්ෂවරුන් පත් කිරීමේ බලය තිබෙන්නේ ඇමතිට නිසා ජනාධිපති කමිටුවේ අනුමැතිය ලබා ගන්නේ නැතුව අධ්යක්ෂවරු පත් කරන්න ලේකම්වරුන්ට නියෝග කරලා. ජනාධිපතිගේ චක්‍රලේඛය කඩ කරලා පත්වීම් කරන්න ලේකම්වරුන් බයයි.
මේ හබය නිසා අද රාජ්‍ය ආයතන සාතිශය බහුතරයක් අධ්‍යක්ෂක මණ්ඩල නැතුව හිස නැති මළකද බවට පත්වී තිබෙනවා. අවසානයේ දී වැඩ බැරි ආණ්ඩුවට මාස දෙකක් ගත වෙලාත් අධ්යක්ෂ මණ්ඩල පත් කර ගන්න එකවත් කර ගන්න බැරි වෙලා තිබෙනවා.
– අරවින්ද අතුකෝරල
UNP ministers can appoint only people with O/L. Committee is rejecting all nominations. Transport Minister has appointed his catchers who are not qualified according to two cabinet decisions.