අධ්‍යාපනයට සිසුන් විදෙස්වීමෙන් බරපතල ඩොලර් අර්බුදයක්..- අගමැති

January 11, 2022 at 12:00 pm | lanka C news
අධ්‍යාපනයට සිසුන් විදෙස්වීමෙන් බරපතල ඩොලර් අර්බුදයක්..- අගමැති

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද වනවිට දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක්ව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සමාරම්භ කිරීම සහ ඊට සමඟාමීව විශ්වවිද්‍යාලයේ නව පිවිසුම් සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව (10) පැවති උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ජාතික ආරක්ෂාවට මෙන්ම තිරසර සංවර්ධනය අරමුණු කරගත් වෘත්තීමය නිලධාරීන් බිහිකරන මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයකි.

එහි මෙතෙක් පැවති ආරක්ෂක, වෛද්‍ය, ඉංජිනේරු, නීතිය, සෞඛ්‍ය, කළමනාකරණය, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර, පරිගණක, පරිසර හා අවකාශ යන පීඨ 09 ට අමතරව තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු අද දින මෙසේ ආරම්භ විය.

අග්‍රාමාත්‍යතුමා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට පැමිණීම සහ තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සමාරම්භය සංකේතවත් කරමින් විශේෂ සමරු සටහනක් තැබූවේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින් මෙහි දී අග්‍රාමාත්‍යතුමාට සමරු තිළිණයක් පිළිගන්වන ලදි.

උත්සව සභාවට එක්වූ සම්භාවනීය අමුත්තන් සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, පීඨාධිපතිවරුන් ඇතුළු අධ්‍යන කාර්ය මණ්ඩලය සමඟ අග්‍රාමාත්‍යතුමා මෙහි දී සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම උත්සවයේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

අපේ රජයන් හැම විටම අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමු කළා. උසස් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල පද්ධතිය සහ පාසල් සංවර්ධනය කිරීමට අපි කටයුතු කළා. ඒ අනුව තමයි කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්න අපි කටයුතු කළේ. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් මා ජනාධිපතිව සිටිය දී යොමු කළා.

ජනාධිපති ලෙස කටයුතු කරන අවධියේ දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත දෙවතාවක් මම ඇවිත් තිබෙනවා. කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කිරීමේ අවස්ථාවට 2007 දී මම සහභාගී වුණා. ඒ වගේම 2014 දී වේරහැර  සමසෞඛ්‍ය විද්‍යා පීඨය විවෘත කිරීමේ අවස්ථාවටත් සහභාගි වුණා.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ, ප්‍රධාන පිවිසුම් සංකිර්ණය විවෘත කිරීම වගේම තාක්ෂණ පීඨයේ සමාරම්භක උත්සවය සඳහා අද මා පැමිණියේ තුන්වැනි වතාවටයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඇති කිරීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව ප්‍රකාශ කරන්න ඕනේ.සෑම වසරකම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව, ඉහළ යාමෙන් පැහැදිලි වන්නේ එහි සාර්ථකත්වයයි.

විදේශීය සිසුන් සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යාමෙන් පැහැදිලි වන්නේද ආරක්ෂක විශ්වවිද්‍යාලය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක්වෙලා තිබෙන බවයි.

කොවිඩ් 19 වසංගතයට පෙර වාර්ෂිකව ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වුණා.එමඟින් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන සිය ගණනක් විදේශ විනිමය රටින් පිටතට ගලා යනවා. මෙය ජාතික වශයෙන් ඉතා බරපතල මුල්‍ය අර්බුදයකට මග පාදනවා.

උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට අපේක්ෂා කළ විශාල සිසුන් සංඛ්‍යාවක් රට තුළම රදවා ගනිමින්¸ ආරක්ෂක විශ්වවිද්‍යාලය ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය රටට ඉතිරි කර දීමට සමත් වූ බව අපගේ විශ්වාසයයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දුරදර්ශීව කටයුතු කරමින් කාලෝචිත හා ප්‍රයෝගික විසඳුම් සොයමින් රජයට දක්වන සහයෝගය අග්‍රාමාත්‍යවරයා ලෙස මම විශේෂයෙන්ම ඇගයීමට ලක් කරන්න ඕනෑ.

2022 සිට නව පීඨ දෙකක් හඳුන්වා දීම තවත් ඉදිරි පියවරක් ලෙස හඳුන්වා දෙන්න කැමති යි. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වීම සඳහා අවස්ථා නොලද දක්ෂ සිසුන් සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දීමෙන්, ඔබ විශ්වවිද්‍යාලය  රටට විශාල සේවයක් කරනවා.

ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අපගේ රජයන්වල ප්‍රතිපත්තිය වුණා. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ප්‍රධාන පොරොන්දුවක් වුයේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රවේශය පුළුල් කිරීම තුළින් දරුවන් විශාල පිරිසකට උසස් අධ්‍යාපන අවකාශ සලසා දීමයි. එය අපේ රජයේ දැක්මයි. ඒ අනුව ක්‍රියා කරමින් පසුගිය වසරේ දී රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම් වැඩි කළා.

ජාතික අවශ්‍යතා හඳුනාගත් විශ්වවිද්‍යාලයක් ලෙස, අපේ අනාගත පරපුර සඳහා පිරිනමන උපාධි පාඨමාලාවල විෂය නිර්දේශය කාලානුරූපීව, කාර්මික හා තාක්ෂණික වශයෙන් හඳුනාගත් නව ප්‍රවණතා ඔස්සේ යාවත්කාලීන කිරීමද ඉතා වැදගත් වෙනවා.

It order to be globally competitive in the current job market, it is essential that students have good English communication skills and IT knowledge. I know that the Defense University prioritizes these skills in all its courses, which is why students graduating from KDU have that competitive advantage. As a result, it allows these students to qualify for high-level positions in various professions.

(ආරක්ෂක විශ්වවිද්‍යාලය දරුවන්ගේ සියුම් කුසලතා වර්ධනය සඳහා වෙහෙසක් හා පරිශ්‍රමයක් දරන බව අපි දන්නවා. වර්තමානයේදී දරුවන්ට තොරතුරු තාක්ෂණ කුසලතා සහ ඉංග්‍රීසි සන්නිවේදන කුසලතා තිබිය යුතුයි.

ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සියලුම උපාධි පාඨමාලාවල දී ඒ සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී තිබෙන්නේ. ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් විවිධ විෂය ක්ෂේත්‍රවල ඉහළ රැකියා සඳහා තෝරා ගැනීම ඒ සඳහා හොඳම සාක්ෂියයි.)

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අවසන් කළ මානුෂීය මෙහෙයුම පැවති කාලවකවානුවේ දී හා පශ්චාත් යුධ සමයේදී සන්නද්ධ හමුදාවන්ට තුවාලවූවන් රැකබලා ගැනීම සඳහා අතිරේක වෛද්‍යවරුන් අවශ්‍ය වුණා. ඔබ විශ්වවිද්‍යාලය ඒ සඳහා ද දායක වුණා. ඒ වගේම වෛද්‍ය පීඨය පිහිටුවීමෙන් සියලුම සන්නද්ධ සේවාවන් සඳහා වෛද්‍ය වෘත්තිකයන් බිහිකිරීමේ ජාතික වගකීම ආරක්ෂක විශ්වවිද්‍යාලය අකුරටම ඉටු කළ බව සිහිපත් කළ යුතුයි.

රටේ සංවර්ධනය නගාසිටුවීමට ඒ සඳහා සුදුසුකම්ලත් විශාල පිරිසක් අවශ්‍ය වෙනවා.නව තාක්ෂණ පීඨය පිහිටුවීමත් සමඟ සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය දක්ෂ වෘත්තිකයන් බිහිකිරීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් සහ රටේ දරුවන්ට විනයගරුක පරිසරයක් තුළ උසස් අධ්‍යාපන අවකාශ ලබා දෙමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඉටු කරනු ලබන විශිෂ්ට සේවාව අගය කළ යුතුයි. ඔබ සැමට තෙරුවන් සරණයි! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොතලාවල විශ්වවිද්‍යාලයේ  උපකුලපති  මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහත්වරු සහ පීඨාධිපතිවරුන්, විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසු සිසුවියෝ රැසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් 

46,346 views

19 Comments to “අධ්‍යාපනයට සිසුන් විදෙස්වීමෙන් බරපතල ඩොලර් අර්බුදයක්..- අගමැති”

  1. Saleem says:

    නැෂනල් එකට මාරු වෙලා බෞද්ධ සිංහලයන් රවට්ටල ඡන්ද ටික අරගෙන පස්සේ සාසනේට පයින් ගහල පවුල් පිටින් ප්‍රයිවෙට් ජෙට් එකෙන් තිරුපති යනකොට ඩොලර් අපතේ යන බව පෙනුනෙ නැද්ද මාමේ?

  2. Nihal says:

    මම දන්න ලමයෙක් KDUඑකේ NURSING degree කරල australia ගිහින් මුල ඉඳල ම ඉගනගන්න වුනා. KDU එහෙ පිලිගන්නෙ නෑ.

  3. Alapaluwa says:

    ඇත්තම කථාවනම් අද බහුතරයක් තරුණ,තරුණියන් වැඩිදුර අද්‍යාපනය කියා විදේශරටවලට යන්න තනන්නේ ඉගෙනීම පිළිබඳව නෝවේ ඔවුන්ගේ යටිසිතේ එකම බලාපොරොත්තුව කෙසේහෝ කුමන රටකට ලංකාවෙන් නික්ම යාමටයි .ඒ ඇයි කියානම් මා විස්තර කිරීමට යන්නේ නැහැ මොකද කවුරුත් ඒ ගැන හොඳින් දන්නා කරුණක් බැවින්.එමනිසා කෝහේ හෝ ඇතා පළාතක ප්‍රසිද්ද නොවුණත් කුඩා Universality එකක් සෝයා එයින් offer letter එකක් ගෙන්වා එමගින් යාමටයි බොහෝ අය අද පෙළභී ඇත්තේ මෙයයි තිත්ත ඇත්ත.නමුත් ගියාට පසු කන්න තිබෙන සියලුම කට්ට කාගෙන Part Time Job එකකුත් කරගෙන ඊළඟට දගලනවා කේසේහෝ PR එකක් හදාගන්න.හදවතට කතා කර බලන්න මේක නොවේද ඇත්ත කියා??කෙසේ හෝ අවුරුදු තුනක් හතරක් මේ විදියට කාලය ගතකොට හරි තැනක වැඩක් ලැබුණොත් ඒ අය එකගවුවහොත් Job එකකට offer letter එකක් දෙන්න අන්න එතුලින් PR එකක් Apply කිරීමේ අරමුණයි අද 99% බහුතරයකගේ අරමුණවී ඇත්තේ.එක ඇත්තටම සාදර්ණයි තරුණ පරම්පාරාව එසේ සිතන එක.එකටත් එහේතුවක් තිබෙනවා එකත් කුමක්ද කියා මා ලිවීමට යන්නේ නැහැ.එයත් සියළුදෙනා දන්නා කරුණක් බැවින්.Alapaluwa from SA (Western Cape)

    • ළූණු බන්ධුල (සුදු) says:

      Alapaluwa පල් හොර ගල් මූසලය.
      තොපි මෙතන වැළලිලා ගෙනාපු වියත්තු මේ හොඳටම කරන හැටි අපිට නම් පේනවා.
      තෝ වගේ ඊර්ෂ්‍යකාර අඩුකුලේ පරයන්ගේ ඇඩ්වයිස් ඕනේ නෑ. තරුණ,තරුණියන් වැඩිදුර අද්‍යාපනය කරගනීවි.
      උන් PR ගන්නවයි කියල හිතං උඹේ අහවල් එකේ ඉත්තෑවො දුවනවනං රන්ජට කියල බේතක් කරවගනින් හාල්පාරුව.
      නෙද්දකින් මේ වගේ බේසික් පුතාල. කෙලවල අහක්කවෙලා තව හැමිනෙන්නත් එනවා මෙතන.

      • Alapaluwa says:

        තමුසේ අනුන්ගේ සීනි කිරන්න යන්නේ නැතිව වැඩක් බලාගන්නවා.මගේ Comment දකින කොට තමුසේගේ ඇස් දේකේ කටු ඇනෙනවානම් මම මොකද කරන්නේ අයිසේ.තමුන්ගේ වැඩක් බලාගන්නවා මගේ ඒවාට Comment කරන්නේ නැතිව එතකොට තමුසේගේ ඔය තිබෙන ඉර්ෂියාව,කුහකකම නැතිවේවි. .දැන් තමුසෙට පෙනේනවා ඇති ඉරිෂියාව ඇත්තේ කාගේද කියා සිතා ගන්න පුළුවන්.තමුන් සැමදාම අනුන්ගේ කුලීවැඩ කරමින් හැමදාම හිඟා කකා හිටං මැරෙනකම් අපි මොනවා කරන්නද ඉර්ශියාකාර අමනයා කොතෙක් කිවත් නොතේරෙන එක පක්ෂයකම ගල් මුසලයා… Alapaluwa from SA (Western Cape)

        • ළූණු බන්ධුල (සුදු) says:

          Alapaluwa පල් හොර ගල් මූසලය.
          තොපි මෙතන වැළලිලා ගෙනාපු වියත්තු මේ හොඳටම කරන හැටි අපිට නම් පේනවා.
          තෝ වගේ ඊර්ෂ්‍යකාර අඩුකුලේ පරයන්ගේ ඇඩ්වයිස් ඕනේ නෑ. තරුණ,තරුණියන් වැඩිදුර අද්‍යාපනය කරගනීවි.
          උන් PR ගන්නවයි කියල හිතං උඹේ අහවල් එකේ ඉත්තෑවො දුවනවනං රන්ජට කියල බේතක් කරවගනින් හාල්පාරුව.
          නෙද්දකින් මේ වගේ බේසික් පුතාල. කෙලවල අහක්කවෙලා තව හැමිනෙන්නත් එනවා මෙතන.

          • Alapaluwa says:

            තමුසේ අනුන්ගේ සීනි කිරන්න යන්නේ නැතිව වැඩක් බලාගන්නවා.මගේ Comment දකින කොට තමුසේගේ ඇස් දේකේ කටු ඇනෙනවානම් මම මොකද කරන්නේ අයිසේ.තමුන්ගේ වැඩක් බලාගන්නවා මගේ ඒවාට Comment කරන්නේ නැතිව එතකොට තමුසේගේ ඔය තිබෙන ඉර්ෂියාව,කුහකකම නැතිවේවි. .දැන් තමුසෙට පෙනේනවා ඇති ඉරිෂියාව ඇත්තේ කාගේද කියා සිතා ගන්න පුළුවන්.තමුන් සැමදාම අනුන්ගේ කුලීවැඩ කරමින් හැමදාම හිඟා කකා හිටං මැරෙනකම් අපි මොනවා කරන්නද ඉර්ශියාකාර අමනයා කොතෙක් කිවත් නොතේරෙන එක පක්ෂයකම ගල් මුසලයා… Alapaluwa from SA (Western Cape)

          • Middle Man says:

            Hello Alapaluwa, Don’t be angry. didn’t the ළූණු බන්ධුල (සුදු) chap tell the truth. Isn’t it true that you promoted the current regime. Now why are you lamenting about the regime which you profoundly promoted (without knowing they are crooks). Like you are commenting here, he also has the right to comment. You can’t dictate how and to which someone can comment.Don’t you. What the reason and how did you know that ළූණු බන්ධුල (සුදු) chap is සැමදාම අනුන්ගේ කුලීවැඩ කරමින් හැමදාම හිඟා කකා හිටං මැරෙනකම් like. You insult others without even knowing who the ළූණු බන්ධුල (සුදු) chap is? just like you promoted some crooks. Please think, work and write wisely.
            You have a good day!

  4. Mark Anandappa says:

    He should first stop his Ministers Travelling overseas. You cannot find fault with Students trying to leave the country & this they do with their Parents own money unlike Ministers .Shame

  5. lol says:

    ai thopila deshapalana wasi walata SAITM wahuwa mathaka nadda ?

  6. සහොදරය says:

    කුහක ජෙප්පො කෙමති නෙහෙ ලන්කවෙ එතුලේ පුද්ගලික විස්වවිද්‍යාල පටන් ගන්න වට අපරාදෙ නිකන් බොරු වට ඩොලර් මිලියන ගනන් රටින් පිට යනවා .

    • Saradiel says:

      ලංකාවේ අධ්‍යාපනය ලබලා රැකියා නොමැතිව දහස් ගණනක් ගෙදර දුක් විදිනවා …රටේ දේශපාලුවෝ තමන්ගේ දරුවන් විදේශීය රටවලට යවා උගන්වනවා …දැන් මොනවාද මේ කියවන්නේ …රටේ ඩොලර් නැතිවුනේ පොහොට්ටුව බලයට පැමිණි පසු නේද ? පවුල් පිටින් PRIVATE PLANE අරන් ඉන්දියාවේ තිරුපති වැදලා ඇගේ බරට කෝවිල් වලට මුදල් දෙනවිට රටේ මුදල් පිටරටට යන්නේ නැද්ද ?ඔබේ පුතාලා විදේශවල සංචාරය කරන විට ගෙවන්නේ ඩොලර් නොවේද ? කාවද මේ රවටන්නේ ?

      • Alapaluwa says:

        Saradial අනේ පවු. ඔබ වැනි මෝඩයෙක්.
        ඔබට මිතුරෙකු PRIVATE PLANE එකක් දීල, සරා, මචන් කාලෙකින් තිරුපති ගියේ නෑ නේද. මගේ ගැනේ ගිහින් වරෙන් මචන් කිවුවොත් ඔබ නොගොස් ඉන්නවාද?
        ලංකාවේ අධ්‍යාපනය ලබලා රැකියා නොමැතිව දහස් ගණනක් ගෙදර දුක් විදින්නේ ඔවුන්ගේ අධ්‍යාපනයට සරිලන රැකියාවක් ලංකාවේ නැති නිසා. නිකමට සිතා බලන්න ඇයි ආචාර්ය රෝහිත රාජපක්ෂ රැකියාවන් නොකරන්නේ. ඒ ඔහුට සරිලන රැකියාවන් නොමැති නිසා. Alapaluwa from SA (Western Cape)

        • Alapaluwa says:

          මේ තිරිසනාගේ ලියන භාෂාවෙන් තේරුම්ගන්න මම නෝවේ කියා මොකද අපි හොඳ දේමවුපියන්ගෙන් හැදුනු දරුවෝ.අපිට ඉන්නේ එක අම්මයි.තාත්තයි අම්මලාවත්.තත්තලාවත් නැහැ එක එක නම්වලින් ලියන්න ඉපදී එක මේ හොර අලපලුව දැනගතහොත් හොඳයි. භාෂාවෙන් තේරුම්ගන්න මු ඇවිත් අර එක එක නම් වලින් ලියන කුලී හේවායා කියා. මුන්ට තමයි කියන්නේ අසුචිවලේ ලැගලා ඉන්නා කුණු පණුවෝ කියලා මහා එවුන්ගෙන් කාකා බිබී ඉන්නා. .මු දැන් සරදියල් තව මොහොතකින් වෙනත් නමකින් ඇත්තටම මුන්ට ලජ්ජා නැද්ද? ඇත්තම චරිතේත් මේවගේ අවජාතකද දන්නේ නැහැ මේ විදියට හැසිරෙන්නේ.මුගේ තිබෙන්නේ තනිකරවම ඉර්ශියාව ඇයි මුන්ට කරකියා ගන්න දේයක් නැතිනිසා ඇයි මේ කුණුරස කථා එක එකාට ලියා අපහස කරනවා හැර.Alapluwa from SA(Western Cape)

  7. niru says:

    JVP opposition to private universities is responsible for this debacle

  8. Sakshi says:

    Military University degrees are not recognized for civil work.

  9. aniwa says:

    එංගලන්තයට පසුගිය වසරේ පමණක් දහස් ගණනක් student visa රැගෙන පැමිණියා..
    මෙයද එන්න එන්නම වැඩිවෙමින් පවතිනවා..
    මෙයින් බහුතරයක් වයස හතලිහට වැඩි අයයි සිය අඹුදරුවන් සමග ලොකු අවදානමක් රැගෙන පැමිණියේ.
    හිතන්න එක් පුදගලයෙක්ට අඩුම ගානේ ලක්ෂ පනහකට වැඩිය මුදල් ලංකාවෙන් පිට කරන්න සිදුවුණා.
    මේ මුදල් පිටවීම් සියල්ල බැංකු හරහා නොවෙයි හිතවතුන්, පිටකොටුවේ මුස්ලිම් තැරවූ කරුවන් හරහා සිදුවුනේ..
    අවාසනාවට ලංකාවේ ආර්ථිකය කඩාවැටීමට ඉහත කාරණාවද බෙහෙවින් බලපායි..

    ඒත් බය වෙන්න එපා, අපේ ස කොහොම හරි රට එකසේසත් කරනවා පොඩ්ඩක් ඉවසන් ඉන්න වෙයි !

  10. Ruwan says:

    Ou ou Ara nikana Chichi ge degree ubala kapu mutate ratenda Aran tinne. Kala kanni makabavila pala.

Main News