අධ්‍යාපනය පුද්ගලීකරණයට.. රට පුරා පුද්ගලික පාසැල් 400ක් අරඹන්න අනුමතයි..

February 15, 2019 at 6:48 pm | lanka C news
අධ්‍යාපනය පුද්ගලීකරණයට.. රට පුරා පුද්ගලික පාසැල් 400ක් අරඹන්න අනුමතයි..

රට පුරා පුද්ගලික පාසල් හාරසියයක් අලුතෙන් ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලීකරණ වැඩපිළිවෙළ යටතේ අධ්‍යාපනය පුද්ගලීකරණය ඉතා රහසිගතව වේගයෙන් ක්‍රියාත්මක වන බව ද ඔහු පවසයි.

මෙහි පළමු පියවර ලෙස රජයට පවරා නොගත් පුද්ගලික පාසල් 80කට ශාඛා පාසල් 05 බැගින් ආරම්භ කිරීමට අවස්ථාව දී ඇතැයි ද එමගින් පුද්ගලික පාසල් 400ක් ආරම්භ කර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම කටයුත්තට අනුමැතිය ගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට ද වැලිගසා බවත් ඔහු සඳහන් කරයි.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

238 views
Main News