අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ සිසුන් ලවා කරගනී.. මුදල්ද අනුමත කරගෙන..
March 8, 2019 at 8:40 am | lanka C news
එක්සත් තොරතුරු තාක්ෂණ ගුරු සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
2016 හා 2017 වර්ශ වල උසස් පෙළ විභාගය සමත් සිසුන් 8000 ක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් වෙත ඇතුළත් කරගැනිමට අයදුම්පත් කැදවිමෙදි ඒ සදහා අයදුම්පත් 80,000ක ප්‍රමානයක් ලැබී ඇති බව වාර්තා වෙයි.
මෙම අයදුම්පත් පරිගණක ගත කිරිම මේ දිනවල රුවන්පුර විද්‍යාපීඨයේ පලමු වසර සිසුන් විසින් සිදුකරන බව දැනගන්නට ඇත.
පෙබරවාරි 24 වැනි දින සිට මාර්තු 22 වැනිදා දක්වා මෙම දත්ත පරිගණක ගත කිරිම සිදුකරන බව සදහන්ය.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම විද්‍යාපීඨ අයදුම්පත් පරිගණක ගතකිරීමට තාවකාලික සේවකයන් පිරිසක් අමාත්‍යාංශයට බදවා ගැනිමට මුදල් අනුමත කරගෙන එම කාර්යය විද්‍යාපීඨ සිසුන්ට පැවරිම ප්‍රශ්න සහගතය.
තවද විද්‍යාපීඨ සිසුන්ගෙ මසක පමන අධ්‍යාපන කටයුතු කිරිමට තිබෙන කාලය මේ වෙනුවෙන් වැය කිරිම සාදාරන නොවන බව අප ගේ අදහසයි.
තිසර චමින්ද
ලේකම්
එක්සත් තොරතුරු තාක්ෂණ ගුරු සංගමය
ඉතින් හොඳයිනෙ සල්ලි වියදම් වෙන්නෙ නැත්නම්. ඇයි යකෝ ආණ්ඩුවේ සල්ලි නිකන් නාස්ති කරන්නෙ මොකටද? අනික 1st year එවුන්ට රැග් කකා ඉන්නවට වඩා ඔහොම වැඩක් දීපු ඒක හොඳයි.
අනිවා. ඉගෙන ගන්න අතරේ රැකියා පුහුණුවක් ලබන එක වැදගත්.