GL-MD පිං වැඩක.. කුසගින්න නිසා පාසැල් නොයැවූ දරුවන් තිදෙනාට අධ්‍යාපනය නිම වන තෙක් ශිෂ්‍යත්ව…

September 18, 2020 at 8:02 am | lanka C news
GL-MD පිං වැඩක.. කුසගින්න නිසා පාසැල් නොයැවූ දරුවන් තිදෙනාට අධ්‍යාපනය නිම වන තෙක් ශිෂ්‍යත්ව…

ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙකු කුස ගින්නේ සිටින බවට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය මගින් පසුගියදා අනාවරණය විමත් සමග අධ්‍යාපන අමාත්‍යය මහචාර්ය ජි.එල්.පිරිස් මහතාගේ මැදිහත්විමක් මත එම සිසුන් තිදෙනාට අධ්‍යාපනය නිමවන තෙක් ශිෂ්‍යත්වයක් ලබාදිමට  පියවර ගැණින.

බත්තරමුල්ල පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදි එම සිසුන් තිදෙනා වන ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ 1,3,6 ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන සෙව්වන්දි කුමාරි , කෞෂල්‍යා කුමාරි , සදරුවන් කුමාර යන සිසුන් තිදෙනාටයි අධ්‍යාපන අමාත්‍යය මහාචාර්ය ජි.එල්.පිරිස් මහතා සහ වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක මහතා අතතින් ශිෂ්‍යත්වය ලබා දෙනු ලැබුහ.

මහාචාර්ය ජි.එල්.පිරිස් මහතාගේ මැදිහත්විමෙන් එතුමාගේ මිත්‍රයෙකු වන එම්.ඩි.ද සිල්වා මහතා විසින් සැම මසකම එක් ළමයෙකුට රු දස දහස බැගින් ළමුන් තිදෙනාට රු තිස්දහක මුදලක් බැංකුගත කිරිමට අදාල ශිෂ්‍යත්වය මෙහිදි එම ළමුන් තිදෙනාට පිරි නමන ලදි.

එම ළමුන් තිදෙනා කුසගින්නේ සිටින නිසා පාසල් එවිමට නොහැකි බව දන්වමින් එම ළමුන් තිදෙනාගේ මව වන නිරෝෂා ප්‍රියදර්ශනි මහත්මිය විසින් එම විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා වෙත එවා තිබු ලිපියක් සම්බන්ධයෙන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය මගින් අනාවරණය විමත් සමග එම දරු පවුලට උපකාර කිරිමට ත්‍රිවිධ හමුදාව , පොලිසිය , දෙස් විදෙස් පරිත්‍යාගශිලින් රැසක් ඉදිරිපත් වි ඇත.

ශිෂ්‍යත්ව පිරි නැමිමේ උත්සවයට එම විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් , අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා , එම සිසුන් තිදෙනාගේ මව වන නිරෝෂා ප්‍රියදර්ශනි මහත්මියද සහභාගි විය

– හැටන් රංජිත් රාජපක්ෂ 

28,217 views

6 Comments to “GL-MD පිං වැඩක.. කුසගින්න නිසා පාසැල් නොයැවූ දරුවන් තිදෙනාට අධ්‍යාපනය නිම වන තෙක් ශිෂ්‍යත්ව…”

  1. Dharshana says:

    Great work

  2. Kamal says:

    රටේ සමස්ත ලමයි ගැන සොයා බැලිය යුතුය. මාධ්‍ය මගින් පෙන්වා දෙන අය පමණක් නොවේ. 2020 1 ශ්‍රේණිය සිසුන් විශාල පිරිසක් තාවකාලික ලේඛනවල රැදී සිටී. එම සිසුන් පාසල් වලට ඇතුලත් කිරීමට අවසර ලබාදෙන්න.

    • නායක්කාර් says:

      ඒක නම් සහතික ඇත්ත, ගොඩක් දරුවො ගෙවල් වල, මොකද පංතියක උපරිම සීමාව 36 කියන එක අවලංකු කර 40 දක්වා වැඩි කිරීමට අධිකරණය තීන්දුව දුන්නත් ඒකට අදාල විධිවිධාන ලිපි නිකුත් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමාද කරන එක තමා ගැටලුව, එහෙම කලා නම් තව ලමයි ටිකක් පාසල් වල ඉගෙන ගන්නව, ඒවගේම ගුරුවරුන් සඳහා සාධාරණ වැටුප් වැඩීමක් ලබා දෙන්නත් ඕනි, මේ කාලෙ හැටියට බලද්දි ගුරුවරයකුගෙ වැටුප ඛේදනීය තත්වයක තියෙන්න‍ෙ

    • කුමාර says:

      ඔව් දැන් අපට පාසලකට ලමයෙන් දාගන්න වෙනනෙත් නැහැ. රට ගැන හිතම උන්ට ආපහු තමන්ගේම ආණ්ඩුවෙන් තලනවා. අරුන් උඩ පැන පැන හිනාවෙන්වා……… අනේ පාක්ෂිකයන්ට ගිය කලක්..

  3. චතු says:

    උසාවියෙන් ලැබුණ තීන්දුව 2020 වසරේ මේ වාරයේ සිටවත් ඉක්මනින් ක්‍රියාත්මක කර එක් පන්තියකට දරුවන් 40 ක් කර පොරොත්තු ලේඛන වල ඉන්න අපේ පැටවුන්ට පාසල් යාමට අවස්ථාව ලබා දෙන්න.

  4. CWWK says:

    Ping labenne thamange mudalin/wiyadamin karanu labana sathkriya walatai. Ehema nathuwa anunge/rajaye mudalin karana ewa ping nemei, lakunu daaganeemak pamani!

Main News