අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්….- නාමල්

October 21, 2021 at 8:02 am | lanka C news
අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්….- නාමල්

‘නිදහස් අධ්‍යාපනයේ සියලු අංග ආරක්ෂා කරමින් අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්’ තරුණ, ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ තොරතුරු තාක්ෂණය පිළිබද දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණෙන් Esoft Metro Campus ආයතනය මගින් ලබාදෙන ශිෂ්‍යත්ව 30,000ක් පිරිනැමීමේ අවස්ථාවට එක් වෙමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේ දී ඔහු මේ බව පැවසීය.

අමාත්‍යවරයාගේ මග පෙන්වීම ඔස්සේ දිවයිනපුරා වයස අවුරුදු 13ත් 19ත් අතර පාසල් දරුවන්ට නිවසේ සිටම මෙම ශිෂ්‍යත්ව සදහා අයදුම් කිරීමේ අවස්ථාව සළසා දී තිබූ අතර, රුපියල් මිලියන 1700 කට ආසන්න වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව 30,000 ක් (පූර්ණ 10,000 ක් සහ අර්ධ 20,000 ක්) මෙහිදී පිරිනමන ලදි. මෙහිදී ග්‍රාමීය දරු දැරියන් මුහුණ දෙන නොයෙකුත් දුෂ්කරතා සලකා බලා එම ප්‍රදේශවලට වැඩි ශිෂ්‍යත්ව ප්‍රමාණයක් පිරිනැමීමට කටයුතු කෙරිණි.

රජය මගින් පනවා ඇති කොවිඩ් 19 සෞඛ්‍ය නිතිරීතිවලට යටත්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ශිෂ්‍යත්ව සදහා තෝරාගත් දරුවන් 70 දෙනෙකු අද දින අමාත්‍යවරයා අතින් සංකේතාත්මකව ශිෂ්‍යත්ව හිමිකම් ලබා ගන්නා ලදි.

ශිෂ්‍යත්ව සදහා සුදුසුකම් ලැබූ අනෙකුත් දරු දැරියන්ට කෙටි පණිවුඩයක් හරහා මෙන්ම විද්‍යුත් තැපෑල ඔස්සේ ද මේ මේ පිළීබඳව දැනුම්වත් කිරීම සිදු කර ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ තමන්ට ආසන්න Esoft ආයතනය වෙත ගොස් මෙම ශිෂ්‍යත්ව හිමිකම ලබා ගෙන පාඨමාලා සදහා ලියාපදිංචි විය හැක.

ශිෂ්‍යත්ව ලැබූ සියලුම සිසුන් මෙමගින් උපරිම ප්‍රයෝජන ලබා ගනු ඇති බවත්, ඉතා අඩු වයසකින් අන්තර්ජාතික ව පිළිගත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් බවට පත් ව රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වනු ඇති බවත් Esoft ආයතනයේ බලාපොරොත්තුව බව ඔවුන් සදහන් කරන ලදි.

මෙහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

”තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයත්, ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයත් සමග එක්ව දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම මා Esoft ආයතනයට ස්තූතිවන්ත වෙනවා.

අපි දන්නවා කොවිඩ් 19 වසංගතයත් සමග මේ රටේ මෙන්ම ලෝකයේ සෑම රටකටම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැවැන්ත අර්බුදයක් ඇති වී තිබෙනවා. එය ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවේ. දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු අඩාලවීම කියන කාරණය ගෝලීය වසංගයත් සමග සිදුවූ කාරණයක්.

රටක් ලෙස නව ක්‍රමවේදයන්ට හා නව සාමාන්‍යකරණයට හුරුවෙමින් ගමේ පාසල් පවා හැකි පමණින් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට උත්සහා කරනවා. එන්නත්කරණය අවසන් කිරීමත් සමග මේ වන විට පාසල් ආරම්භ කරන්න කටයුතු සැළසුම් කර තිබෙනවා.

අද රටේ විශාලම අභියෝගය වනුයේ අධ්‍යාපනය යි. අපේ රටේ තිබෙන හොදම සම්පතත් අධ්‍යාපනය යි. හොදම සම්පත තුළින් ගොඩනැගෙන තරුණයා තරුණිය ලෝක රැකියා වෙළදපොළට සහ දේශීය රැකියා වෙළදපොළට සරිලනවාද නැද්ද කියන ගැටලුව අපිට මුහුණපාන්න තිබෙන විශාල ගැටලුවක්.

නිදහස් අධ්‍යාපනයේ ආරම්භයේ සිට අද වන තුරු අධ්‍යාපන ක්‍රමවේදය තුළ ව්‍යුහගතවීමක් සිදුවෙලා නැහැ කියන කාරණය මා විස්වාශ කරනවා. මම වැරදි නම් වැඩිහිටියන්ට පුලුවන් නිවැරදි කරන්න. අපේ තාත්තලා හදාරපු විෂය නිර්දේශය, ඒ පාඩම් මාතෘකාව වෙනස් කර අපිට උගන්වනවා.

එදා ලංකාවේ බිහි වූ රැකියාවවලට වඩා අද බිහිවෙන රැකියාවන් හාත්පසින්ම වෙනස්. මිෂනරි අධ්‍යාපන ක්‍රමයට අවශ්‍ය ගුරු, පියන්, ඩොක්ටර්, ලෝයර් බිහිකරන්න හදපු අධ්‍යාපන ක්‍රමය තුළ අපි උත්සහා කරනවා නූතන ලෝකයට සරිලන තරුණයෙක් බිහි කරන්න.

අපි කොතරම් උත්සහා කළත් අවසන් ප්‍රතිඵලය වෙන්නේ ආණ්ඩුව තුළින් රැකියා ලබාදීම සහ මේ රටේ විරැකියා ප්‍රතිශතය 28% ක් ලෙස සෑම අවුරුද්දකම ක්‍රියාත්මකවීමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ ජාතික විරැකියා ප්‍රතිශතය 6% කට අඩු වුණා. තරුණ විරැකියා ප්‍රතිශතය 12% ක් ව තිබුණා.

පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්ව විද්‍යාලයට ගොස් ආණ්ඩුවේ රැකියාවක් ලබා දෙන තුරු බලාගෙන සිටීම, නැතිනම් ප්‍රදේශයේ ඉන්න මන්ත්‍රීවරයාත් සමග දේශපාලන කටයුතු වල නිරත වී රැකියාවක් ගන්න බලාගෙන සිටීමත් එයට හේතුවක් වුණා. අවුරුදු 35 පහු වුණාම ආණ්ඩුවේ රැකියා වලට යන්න අපහසු වුණාම මොකක්හරි රැකියාවකට යනවා.

ඒ තුළ අපි දකිනවා තරුණ විරැකියා ප්‍රතිශතය ඉතාමත් විශාල ගැටලුවක් බවට පත් වී තිබෙනවා. මේ සදහා මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණය පිළිබද සොයා බැලිය යුතුයි. අපි මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි.

නිදහස් අධ්‍යාපනයේ සියලු අංගයන් ආරක්ෂා කරන ගමන් අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කරන්න මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විශේෂ කාර්‍ය සාධක බලකාය සමග රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කර සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

තරුණ අමාත්‍යාංශය විදියට අපිට තිබෙන විශාලම අභියෝගය වනුයේ මේ දුවා දරුවන් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ සමාජයට එන කොට, තරුණ අමාත්‍යාංශය විසින් භාර ගත යුතුයි. භාර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ අනාගතය ගොඩ නැගෙන්නේ කෙසේද අවම වශයෙන් මීළග අවුරුදු 4 ඇතුළත අපේ තරුණ විරැකියා ප්‍රතිශතය 12% කට අඩු කරගැනීම අපි ඉලක්ක කර ගත යුතුයි. එය 12% කට අඩු කර ගත්තොත් ජාතික විරැකියා ප්‍රතිශතය 6% කට 4% කට විතර ඉබේම අඩු වෙනවා. ඒ ඉලක්කයන් කරා ගමන් කරන්න නම් අපි අලුතින් සිතිය යුතු වෙනවා.
සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් බැහැර වී නවීන ලෝකයත් සමග අපි ඉදිරියට යා යුතුයි. ව්‍යවසායකත්ව මානසිකත්වයට අපේ දරුවෝ කුඩා වයසේදීම ගෙන ආ යුතුයි.

ස්වයං රැකියා කරන්නෙක් සහ ව්‍යාවසායකයෙන් කියන්නේ දෙන්නෙක් කියන කියන කාරණය අපි සහ අපේ රටේ ගොඩක් අය පටලවාගෙන තිබෙනවා. මෙය අපේ අමාත්‍යාංශයටත් මුහුණදෙන්න සිදු වූ ගැටලුවක්.

අපි කෙනෙකුට ව්‍යවසායකයෙක් වෙන්න කිව්වාම ඔහු එය දකින්නෙ ඔහුට ස්වයං රැකියාවක් කරන්න කිව්ව විදියට. ස්වයං රැකියාවක් කරන කෙනෙක් කියන්නේ අමතර ආදායමක් උත්පාදනය කරන කෙනෙක්. ව්‍යවසායකයෙක් කියන්නේ තමන්ගේ ම ව්‍යාපාරයක් ගොඩනගාගෙන අනාගතයේ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන ක්‍රියාවලියක්.

අද අපි උත්සාහා කරන්නේ හැකිතාක් මේ රටේ ව්‍යවසායකයින් නිර්මාණය කරන්න. මෙහිදී සදහන් වුණා වසරකට තොරතුරු තාක්ෂණ දැනුම ඇති පිරිස බිහිවෙන්නේ ලක්ෂයක් වගේ කියන කාරණය . එය අඩුම තරමේ මිලියනයක ප්‍රමාණයටවත් පැමිණිය යුතුයි. මිලියනයක් බිහි කළොත් අපි ඉලක්ක කරන ඩොලර් මිලියන පහේ ආදායම් ඉලක්කයට යා හැකියි. අපේ දරුවන් විදේශ රැකියා කරා යොමු කළ යුතුයි.

විදේශ රැකියා බොහොමයක් අපේ දරුවන්ට නිර්මාණය වෙනවා. අපේ දරුවෝ ඉතා දක්ෂයි. ඒ දක්ෂතාවය හදුනාගෙන ඔවුන් ඒ මාවතට යොමු කිරීමයි අපි ආණ්ඩුවක් ලෙස කළ යුත්තේ. ඒ මාවතේ ඔවුන් රැගෙන යාම පෞද්ගලික් අංශය භාර ගත යුතුයි කියන දේ මා විස්වාශ කරනවා.

අද Esoft ආයතනය එවැනි ගමනක්, එවැනි මාවතක් නිර්මාණය කිරීමට දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 10,000 ක ප්‍රමාණයක් රැගෙන ඇවිත් සිටිනවා. පූර්ණ ශිෂ්‍යත්ව 10,000 ක් කියන්නේ විශාල ප්‍රමාණයක්. අපි තරුණ සේවා සභාව, යොවුන් සේනාංකය එකතු වී වසරකට පුහුණු කරන වෘත්තීය පුහුණු ප්‍රමාණයත් 10,000 කට ආසන්න සංඛ්‍යාවක්.

මේ තුළින් අපේ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා මූලික දැනුම ලබාගෙන පියවරෙන් පියවර තමන්ගේ අනාගතය ගොඩනගා ගන්න. ඉදිරි කාල සීමාව තුළ අනාගතේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට අවශ්‍ය මාවත තමන්ගේ අධ්‍යපන ක්‍රමයත් සමග සකස් කර ගන්න.

මේ දරුවන් හා දෙමාපියන් මතක තබා ගන්න තොරතුරු තාක්ෂණයේ රැකියාවක් ලබා ගන්න අවශ්‍ය වෘත්තීමය නිපුණතාවය ලබා ගන්නවා කියන්නේ ෆෙස්බුක් එකේ, ටුවිටර් එකේ, ඉන්ස්ටර්ග්‍රෑම් එකේ ඉන්න එක නෙවේ. සමහර අය හිතනවා ටික්ටොක් එකක් කළොම ඒකත් තොරතුරු තාක්ෂණයේ ඩිප්ලොමාවක් ගත්තා කියලා. ටික්ටොක් ඩිප්ලෝමා තිබෙන අයත් ඉන්න බව පේනවා ලංකාවේ ඒවා බැලුවාම.

මෙයින් එහාට ගිය දැනුමක් තමයි තොරතුරු තාක්ෂණය කියන්නේ. ඒ දැනුම තුළ ඔබට පුලුවන් ව්‍යාපාරවල නිරත වෙන්න.තොරතුරු තාක්ෂණය පිළිබදව, ගිණුම්කරණය පිළිබදව, වෙළදාම ගැන දැනුම ලබා ගත් පසු ඔබට සමාජ මාධ්‍ය භාවිතා කළ හැකියි ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ආර්ථික වශයෙන් ඔබව ශක්තිමත් කරවන්න.

ඔබ සමාජ මාධ්‍ය නිවැරදිව හසුරවන්න, රැල්ලට යන සමාජ මාධ්‍යවලට හසුවෙන්න එපා. බොහෝ වෙලාවට අපි සමාජ මාධ්‍ය කියලා දකින්නේ ගොසිප්. එකිනෙකා ගැන කියන දේවල්. සමහර අයගේ චරිත ඝාතනය කර වින්දනයක් ලබන අය ඉන්නවා. සමහරුන්ගේ හොද කියලා සතුටු වෙන අයත් ඉන්නවා. අනෙක් අයගේ දේවල් බලලා ඊරිසියා කරන අයත් ඉන්නවා. තවත් සමහරු අනෙක් අය දිහා බලා වෛර කරනවා, සතුටු වෙනවා වගේම ඉගෙනගන්න පිරිසකුත් ඉන්නවා. ඔබ පරිවර්තනය විය යුත්තේ සමාජ මාධ්‍යයේ හොද දේවල් දකින්නෙක් විදියට.

මේ සමග ලැබෙන ඉංග්‍රීසි දැනුම භාවිතා කර හොඳින් ඉගෙනගෙන, ඔබ දකින දේ ඔබ ඉගෙන ගන්න දේ තුළ අනාගතයේ ඔබව වෘත්තීමය වශයෙන් නිපුණතාවයක් ඇති දරුවෙක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය අධ්‍යාපනය, දැනුම ලබාගන්න.

විශේෂයෙන්ම වෘත්තීමය දැනුමක් ඇති දරුවෙක් බිහි කරන එක පාසල් අධ්‍යාපනයෙන් බිහි වෙන දරුවෙක්ට වඩා වෙනස්. ඒ සදහා වැඩ කටයුතු කර ගත යුත්තේ තමුන් විසින්මයි. අමතර උපකාර පංති යා යුත්තේ ද තමුන් විසින්මයි. නිපුණතාවය සදහා තමුන්ගේ දැනුමෙන් ම විභාග සමත් විය යුතුයි.

අනාගතේ ඔබ මේ රට භාරගන්න ඉන්න දරුවන්, මේ රට ගොඩනගන්නේ ඔබ කියන කාරණය අපි විස්වාශ කරනවා. මේ රටේ අනාගතය තීන්දු කරන්නේ මේ ඉන්න දරුවන්ගේ අනාගතය ගොඩ නැගෙන ආකාරය අනුවයි. ඉතිහාසයේ සමහර වකවානු හොඳ නැහැ. නමුත් අපිට ඉතාමත් ආඩම්බරයෙන් කතා කළ හැකි ඉතිහාසයක් තිබෙනවා.

ඔබේ දෙමාපියන්ගේ ජීවිත කාලයේ පසුගිය කාලය ගෙවුණේ බියෙන්, සැකෙන්, මරණ බයෙන්. 88,89 කාලේ දකුණේ දේශපාලන අරගලයත් එහෙමයි, 2009 වන තුරු උතුරේ දේශපාලන අරගලයත් එහෙමයි. මේ රටේ යුද්ධයක් තිබුණා. ඔබට එවැනි අසීරු කාලයක් නොවෙයි තිබෙන්නේ. ඔබට බියකින් තොරව අනාගතය ගොඩනගා ගන්න පුලුවන්.

දේශීය මෙන්ම ගෝලීය වශයෙනුත් මේ දරුවන්ට මුහුණපාන්න සිදු වී තිබෙන්නේ ඊට වඩා වෙනස් වූ අභියෝගවලටයි. ඒ සියල්ල ම ගත් විට ඉතිහාසය ගැන ආඩම්බර වෙනවා වගේම මෑත ඉතිහාසය ගැන කණගාටු වෙනවා. ඒ වගේම මේ දෙක අතර හොඳ අධ්‍යයනයක් කර අනාගතයේ මේ රට ගොඩනගන්න අවශ්‍ය දරු සම්පත අපි නිර්මාණය කළ යුතුයි.

මේ ලබන අධ්‍යාපනය ඔබේ ජීවිතය ගොඩනගා ගැනීමට දායක කරගන්න. ඒ සදහා රජයක් ලෙස ඔබේ අනාගතය සුරක්ෂිත කරන්න අපි බැඳී සිටිනවා. පෞද්ගලික ආයතන සමග අපි එක් ව වැඩ කරනවා. ඒ සදහා අවශ්‍ය දේශපාලන නායකත්වය අපි ලබා දෙනවා” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත් වික්‍රමසිංහ, Esoft Metro Campus ආයතනයේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය දයාන් රාජපක්ෂ සහ එහි ප්‍රධාන විධායක නිළධාරී නිශාන් සෙම්බකුට්ටිආරච්චි, තොරතුරු හා තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ආචාර්‍ය ප්‍රසාද් සමරසිංහ, ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා යන මහත්වරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

– මාධ්‍ය ඒකකය

15,815 views

13 Comments to “අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්….- නාමල්”

  1. බෙම්පි says:

    ඒ ප්‍රතිව්‍යුහකරණය ගෙන්න ‍යන්නෙ චීනෙන්ද. ගිරවෝ. ගොඩබාන්නෙ හම්බන්තොට වරායට කියලා ශුවර්ද ඔයාට

  2. Citizens of Lanka says:

    First and foremost that man who is success of Son of MR ,GR ,BR ,and last CR of Family politics. Except he not eligible for any leadership of Future Island of Sri Lanka. The country has produce millions of youth and brave persons last 74 years since 1948.
    Due to tragedy of invisible political rolling of we are at position of backward Nation . It cannot blame to Families >>>?
    Having system of right to VOTE and Right do very reasonable & fair political atmosphere in Island we have NOT used system in prudent manner ,that is failures ours own ours Big Mistakes. Still we NOT learn lessons From The Past. We are still in OLD PATH even at FIRST QUATER OF 21st Century.

  3. Athula says:

    මු කොහොමත් උපන් ගෙයි කාපලුවෙක්නේ මු එදා ග්‍රීසියේ අපේ අර්ථ සාදක අරමුදල් dollar million 50 ක්‌ මකර කටට දැම්ම හෙජින් ගිවිසුම රුපියල් කොටි 7500 ක්‌ දෙවියනේ මේවගේ කාපලුවෝ ඉන්න තැන් ? ඇති මේ රට මෙහෙම තියෙන එක.. දේශද්‍රෝහීන් රැල 😡😡😡