අධ්‍යාපන චාරිකාවක් කියා කුඩා දරුවන්, මවුවරුන් රතුඅලි රැළියට ගෙන්නලා.. බස් රථ තුල විරෝධතා..

August 18, 2019 at 12:00 pm | lanka C news
අධ්‍යාපන චාරිකාවක් කියා කුඩා දරුවන්, මවුවරුන් රතුඅලි රැළියට ගෙන්නලා.. බස් රථ තුල විරෝධතා..

අද පැවැත්වෙන දේශපාලන රැළියකට සහභාගී වන පිරිස් සහිත බස් රථ කොළඹ බලා පැමිණෙමින් තිබෙන බව වාර්ථා වෙයි.

සමාජ ජාලාවන්හි වාර්තා පල වන්නේ බොහෝ බස් රථ වල කුඩා දරුවන් කාන්තාවන් ඇතුළු පිරිස් සහභාගී කරවාගෙන ඇති බවයි.

අධ්‍යාපන චාරිකා සඳහා යයි බව පවසමින් මෙසේ දරුවන් කාන්තාවන් කැදවගෙන ඇති බවද සමාජ ජාලා වාර්තාවන්හි දැක්වෙයි.

ඇතැම් කාන්තාවන් දේශපාලන රැළියකට තමන් යන බව කොළඹට පැමිණෙන තුරු නොදැන සිටි බවද සදහන්ය.

ගාල්ල ප්‍රදේශයෙන් රැගෙන ආ පිරිසක් එම ක‍්‍රියාවට තම දැඩි විරොධය පළ කර ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.

118 views