අධ්‍යාපන නිලධාරීන් පවතින්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට පැමිණියොත් පමණයි..
September 9, 2017 at 5:30 pm | lanka C news
උතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ස්ථාන මාරුකිරීම් හා අනෙකුත් ගැටළු කීපයක් පිලිබදව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව ආණ්ඩුකාරවර කාර්යාලයේදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්චාවක් පැවැත්විණි.
එහිදී මතුවූ ගැටළු සදහා ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක,ප්‍රධාන නිලධාරීන් හට පහත සදහන් උපදෙස් ලබා දුනි.
වාර්ෂික ස්ථාන මාරු පිළිවෙතක් හා වුර්තීය සමිති මට්ටමින් දායකත්වය ලබා ගෙන මාරු මණ්ඩල ක්‍රම වේදයක් ආරම්භ කරන ලෙසත්,යම් ස්ථාන මාරුවක් ලබා දුන් ගුරුවර ගුරුවරියන් එම ස්ථාන මාරුව පිලි නොගන්නේනම් විනය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත්,ගුරුවර ගුරුවරියන්,අධ්‍යාපන නිලධාරීන්ගේ පැවැත්ම රදා පවතින්නේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට පැමිණියොත් පමණක් බව සිහි තබාගෙන වැඩ කරන ලෙසත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
– උතුරු පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය