අධ්‍යාපන සමුපකාර ඡන්ද විමසීම අදයි.. එජාප සහය ජවිපෙට හිමි වේ.. ජවිපෙට ඡන්දය දෙන්නැයි ප‍්‍රසිද්ධියේ කියයි..

June 8, 2019 at 12:40 pm | lanka C news
අධ්‍යාපන සමුපකාර ඡන්ද විමසීම අදයි.. එජාප සහය ජවිපෙට හිමි වේ.. ජවිපෙට ඡන්දය දෙන්නැයි ප‍්‍රසිද්ධියේ කියයි..

අද පැවැත්වෙන අධ්‍යාපන සමුපකාර නිලවරණයේදී එක්සත් ජාතික පක්ෂ යේ සහය ජනතා විමුක්ති පෙරමුණට හිමිව තිබේ.

මේ වන විට අධ්‍යාපන කලාප මට්ටමින් නිලවරණය පැවැත්වෙන අතර බොහෝ ප්‍රදේශ වල නාමයෝජනා භාර දී ඇත්තේ පොහොට්ටුව හා ජවිපෙ පමණි.

එක්සත් ජාතික පක්ෂය මෙහිදී ප්‍රසිද්දියේ ජවිපෙ කණ්ඩායමට චන්දය දෙන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ රැදී සිටින ගුරු සංගම් නියෝජිතයෙකු සදහන් කළේය.

අධ්‍යාපන සමුපකාර නිලවරණය සදහා නම යෝජනා බාර ගැනීම අද උදැසන 8.00 සිට 9.45 දක්වා සිදු කෙරින.

පසුගිය කාලයේ අධ්‍යාපන සමුපකාර සමිතියේ බලය ජනතා විමුක්ති පෙරමුණ සතු වූ අතර එහි වංචා දුෂණ රැසක් සිදුව ඇති බව පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය පවසයි.

– jvp-unp

50 views

4 Comments to “අධ්‍යාපන සමුපකාර ඡන්ද විමසීම අදයි.. එජාප සහය ජවිපෙට හිමි වේ.. ජවිපෙට ඡන්දය දෙන්නැයි ප‍්‍රසිද්ධියේ කියයි..”

  1. Election FOF says:

    රෙදි ඇඳගෙන චන්දෙට එන්න පුලුවන්ද? ගුරුවරුන්ප ඩි වැඩි කරල ඉල්ලුවම කියපු බයිලා තවම මතක තියෙන කොට. කොහොමත් ජවිපේ කියන්නේත් UNP ම තමයි.

    • sathya says:

      ජවිපෙ කියන්නෙ රටට හානියක් මිස වැඩක් නොකරපු අවලම් කාන්ඩයක්. එයාල මෙදාපාර සපෝට් කරන්නෙ අර ‘මම’ කියන්න බැරි නාගානන්ද උන්නැහැටයි කියල කට්ටිය කියන්නෙ.

      • ඉසුර යෝගය says:

        ධම්මික පෙරෙරා ව ගෙනාව වගේ අවුරුදු 39ක පොරක් ලඟදීම කරලියට එන බව කරන ප්‍රචාරයත් රනිල්ගේ චන්ද හසුරවන්න චන්ද කඩන්න දාපු පඹයෙක්. TV එකේ ගිය ඉසුර යෝගය මතක් උනා.

  2. UD says:

    හූ.එන්.පිය දැන් ජවිපෙටත් පල්ලෙහා….

Main News