අධිකරණයට අපහාස කල රන්ජන් අලුත්කඩේ විත්ති කූඩුවේ.. අද දුන් තීන්දුව මෙන්න.. [Video]

October 25, 2017 at 11:20 am | lanka C news
අධිකරණයට අපහාස කල රන්ජන් අලුත්කඩේ විත්ති කූඩුවේ.. අද දුන් තීන්දුව මෙන්න.. [Video]

අධිකරණයටත් අධිකරණ විනිසුරුවන්ටත් අපහාස කලේ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවර තිබූ නඩුවකට අද ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

නියෝජ්‍ය ඇමතිවරයා අධිකරණය හමුවේ කියා සිටියේ අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි තමනට නොතීසි නොලැබුනු බවත් මාධ්‍ය වාර්තා දැක අධිකරණයට වාර්තා කල බවයි.

ඒ අනුව එළැඹෙන නොවැම්බර් 21 වැනිදා ශේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝජ්‍ය ඇමතිවරයාට අද දිනයේ නොතීසි නිකුත් කරනු ලැබීය.

රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට, විනිසුරන්ට හා නීතීඥයින්ට අපහාස කලේ යයි ගොනු කර ඇති පෙත්සම් දෙකක් අනුව මෙම විභාගය පැවැත්වෙයි.

133 views
Main News