අධිකරණයට කල සමූහ දුෂණය මොහාන් පීරිස් ඉවත් කිරීම ගැන පරීක්‍ෂණ ඇරඹේ.. අසාද් සාලි, වැලිඅමුණ පෝලිමේ..

December 16, 2019 at 3:00 pm | lanka C news
අධිකරණයට කල සමූහ දුෂණය මොහාන් පීරිස් ඉවත් කිරීම ගැන පරීක්‍ෂණ ඇරඹේ.. අසාද් සාලි, වැලිඅමුණ පෝලිමේ..

2015 වසරේදී එවකට හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹීමට තීරණය වී ඇත.

අගවිනිසුරුවරයෙකු තමන් විසින් ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඉවත් කළ හැකි එකම ක්‍රමයවේදය වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා පරීක්ෂණ කර දෝෂාභියෝගයක් සම්මත කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව ගොස් මොහාන් පීරිස් මහතා ධුරයෙන් ඉවත් කළේ කෙසේදැයි මෙම පරීක්ෂණය මගින් විමර්ශනය කිරීමට නියමිතය.

එකල වාර්තා පළ වූයේ අසාත් සාලි ඇතුළු පිරිසක් හිටපු අගවිනිසුරුගේ නිවසට ගොස් පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා එළවා දැමූ බවයි.

නමුත් ඔහු ධුරයෙන් ඉල්ලා අස් නොවු අතර හිටපු ජනාධිපති සිරිසේන විසින් ලිපියක් මගින් දන්වා තිබුනේ තමන් විසින් අගවිනිසුරුවරයා ධුරයෙන් ඉවත් කල බවකි.

නමුත් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට එවන් ප්‍රතිපාදනයක් නොමැත.

එම ඉවත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මතපරීක්ෂණ ආරම්භ කිරීමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.

395 views

16 Comments to “අධිකරණයට කල සමූහ දුෂණය මොහාන් පීරිස් ඉවත් කිරීම ගැන පරීක්‍ෂණ ඇරඹේ.. අසාද් සාලි, වැලිඅමුණ පෝලිමේ..”

  1. harsha says:

    පරීක්ෂණය කරන්න වෙන්නේ සිරිසේනට එරෙහිව. මොකද එයානේ ලියුම යැව්වේ.

  2. ara says:

    Weliamuna is the High Commissioner for Australia now.

Main News