අධිකරණයෙන් අතුරු තහනමක්.. ජනාධිපතිගේ අදහස අත්හරින්න වෙයි..

October 29, 2019 at 12:00 pm | lanka C news
අධිකරණයෙන් අතුරු තහනමක්.. ජනාධිපතිගේ අදහස අත්හරින්න වෙයි..

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබු අතුරු තහනම් නියෝගයක් නැවත වතාවක් දීර්ඝ කර තිබේ.

හෙට දිනයෙන් අවසන්වීමට තිබූ මෙම අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වනදා දක්වා දිගු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධූරයෙන් විශ්‍රාම යාමට පෙර මත්ද‍්‍රව්‍ය ජාවාරම් කරුවන් කිහිප දෙනකු මරණයට පත් කිරීම සඳහා සූදානමින් සිටියද මෙම නියෝගය නිසා එම අවස්ථාව අහිමි වී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහලම ආරංචි මාර්ග කියා සිටියේ මේ මස 30 වනදායින් පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවයි.

32 views

11 Comments to “අධිකරණයෙන් අතුරු තහනමක්.. ජනාධිපතිගේ අදහස අත්හරින්න වෙයි..”

  1. මඩයා says:

    අපරාධෙ මහා පුණ්‍ය කර්මයක් කර ගැනීමට තිබූ මා හැගි අවස්ථාවක් නිරපරාදේ මග හැරී ගියා. එතුමා පූරුවෙ කල මහත් අකුසල කර්මයක්ම තමයි. මොනව කරන්නද ?

  2. nihal says:

    Paww Appe Sira – lost another point to boast about..

  3. ajith says:

    රටේ පවතින ආරථික අර්බුදය නිසා ව්‍යාපාර කඩාවැටී නම CRIB එකේ නිසා ලෝන් එකක් ගන්න බැරි ව්‍යවසායකයින්ට ගෝටගෙ විසදුම මෙන්න. “ඒ සඳහා විලම්භන කාලයක් (Moratorium) ලබා දෙනවා. ඒ ණය ගෙවන්න නොවෙයි. ඔබට ඔබේ ණය පසුව ගෙවන්න පුළුවන්. අපි ඔබේ ණය මාස 18ක කාලයකට නවතා (freeze) තබනවා. ඔබතුමන්ලා මාස 18 ක් තුළ දී පොළිය පමණක් ගෙවන්න. බැංකුවලට, මූල්‍ය ආයතනවලට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති විදියට මේ ක්‍රමවේදය අපි සැලසුම් කරලා තියෙන්නේ.“

  4. sw says:

    ඔච්චරම මරණ දඩුවම දෙන්න ඕනෙනම් කරන්න තියෙන්නේ ශේරේෂ්ඨ අධිකරණයෙන් මරණ දඩුවම නියම කරාට පසු මරණ දඩුවම දීමේ ජනාධිපති අත්සන් තැබිය යුතුයැයි කියන මුක්තිය අයින් කරණ එකයි .අවශ්‍යනම් මරණ දඩුවම නොදිය යුතු කෙනෙක් සිටීනම් ජනාධිපතිට එය වැලක්වීමේ අයිතිය තබා ගෙන .

    • බෙර හඬ says:

      ඉතින් තිබුණ තත්වය එහෙමනේ.. නමුත් දැන් ජනාධිපති නොවටිනා අයෙක් වී හමාරයි. 19 සංශෝධනය සමඟ හිස දන් දුන් අළුත් පුද්ගලයාට හිමි බලතළ මෙහෙමයි.
      අංක 1. උපරිමාධිකරණය,
      අංක 2. පාර්ලිමේන්තුව.
      අංක 3. ඉහළ වැටුප් සහ දීමනා සහිත රටට අනවශ්‍ය ජනපති තන්නතුර.
      නමුත් මෙම ජනපති තනතුර හිස් වුනොත් පළාත් සහා වෙන වෙනම ගැල්වී යන අතර විකල්ප රජයන් ස්වාධීනව පිහිටුවනු ඇත.

  5. Love nature says:

    කොටි මිනීමරුවන් පුනරුත්පානය ක‍රන්න පුලුවන්නම් ඇයි මේ අයට එය ක‍රන්න බැරි මරණය පාපයක් මේ අයගෙන් රටට සේවයක් ගන්න යොදවමු මරණිය දණ්ඩනය තහනම් කරමු

  6. Kon Kanis says:

    මුලු රටම හොරාකාපු මහ බැංකු හොරු එල්ලලා මරනු

  7. Nandasoma Suriyaarachchi says:

    අධිකරණය මේ සෙල්ලම් කරන්නේ තමන් විසින්ම නියම කරණ ලද නියෝගයකටය….!

    අධිකරණය මගින් ජනාධිපති වෙත පවරා ඇත්තේ දිනයක් යොදා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමටය…!!

    අධිකරණය මගින් කර ඇති මෙම නියෝගය මෙම අතුරුතහනම මගින් බරපතල ලෙස උල්ලංඝනය වී ඇත…!!!

    ජනාධිපති තුමා විසින් අධිකරණය මගින් දී ඇති නියෝගය ක්‍රියාත්මක කර ඇත….!!!

    එම දිනය වෙනස් කිරීමට අධිකරණයට නොහැකිය…..!!!!

    මෙය තමන්ගේ නියෝගයකට තමන්ම බාධා ප මුණුවා ගැනී මකි……!!!!!

    අධිකරණය මෙතරම් අනීතිකද….?????????

  8. Nandasoma says:

    අධිකරණය මේ සෙල්ලම් කරන්නේ තමන් විසින්ම නියම කරණ ලද නියෝගයකට එරෙහිවය….!

    අධිකරණය මගින් ජනාධිපති වෙත පවරා ඇත්තේ දිනයක් යොදා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමටය…!!

    අධිකරණය මගින් කර ඇති මෙම නියෝගය මෙම අතුරුතහනම මගින් බරපතල ලෙස උල්ලංඝනය වී ඇත…!!!

    ජනාධිපති තුමා විසින් අධිකරණය මගින් දී ඇති නියෝගය ක්‍රියාත්මක කර ඇත….!!!

    එම දිනය වෙනස් කිරීමට අධිකරණයට නොහැකිය…..!!!!

    මෙය තමන්ගේ නියෝගයකට තමන්ම බාධා ප මුණුවා ගැනී මකි……!!!!!

    අධිකරණය මෙතරම් අනීතිකද….?????????

  9. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Mekath MAITREEPALA SIRISENA Janadipathy tumagema natakayak.