අධිකරණයෙන් ගිනි අවි හමුවීමට සැක 20ක් අත්අඩංගුවේ..

March 2, 2017 at 7:50 am | lanka C news
අධිකරණයෙන් ගිනි අවි හමුවීමට සැක 20ක් අත්අඩංගුවේ..

ඊයේ දිනයේ ගල්කිස්ස අධිකරණය තුළින් ගිනිඅවි හා සජීව උණ්ඩ හමුවීම හේතුවෙන් සැකපිට පුද්ගලයින් 20 පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අවස්ථාවේ අධිකරණයේ සිටි හා ආසන්න වෙලාවකදී අධිකරණයට පැමිණි සැක සහිත පිරිසයි.

ඊයේ රාත්‍රියේ මෙම පිරිසගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලද අතර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කෙරේ.

36 views
Main News