අධිකරණයේ නඩුවකින් සිත්තැවුලෙන් තරුණයෙකු ගෙල වැලලාගෙන මිය යයි..

January 10, 2020 at 2:05 am | lanka C news
අධිකරණයේ නඩුවකින් සිත්තැවුලෙන් තරුණයෙකු ගෙල වැලලාගෙන මිය යයි..

මුලතිව්, මුල්ලියාවේලි ප්‍රදේශයේ තරුණයෙකු දින ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඇති බවට මුලතිව් මුල්ලියාවේලි පොලීසිය පවසයි

මියගිය පුද්ගලයාගේ සහෝදරයා නිවසට පැමිණ කථා කරන අවස්ථාවේ සහෝදරයා නිවසේ නොසිටි බැවින් සහෝදරයා සම්බන්ධයෙන් සොයා බැලීමේදී ගෙවත්තේ ගෙල වැලලාගෙන සිටිනු දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇති අතර පොලීසිය අදාල ස්ථානයට ගොස් මළ සිරුර රැගෙන මුලතිව් රෝහලට භාර දී ඇත.

මුල්ලියාවලෙයි ප්‍රදේශවාසීන් පොලීසියට පවසා ඇත්තේ අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සිත්තැවුලට පත් අදාළ අදාල තරුණයා ඒ පිළිබඳව ලිපියක්ද ලියා සියදිවි නසාගෙන ඇති බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,295 Viewers
Main News