අධිකරණය කල සාධාරණය නිසා ගෝටාභය නිදහස් මනසින් ජනාධිපතිවරණ ප‍්‍රචාරණයේ..

October 15, 2019 at 8:02 am | lanka C news
අධිකරණය කල සාධාරණය නිසා ගෝටාභය නිදහස් මනසින් ජනාධිපතිවරණ ප‍්‍රචාරණයේ..

දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීම සඳහා ” යහ පාලකයන් ” අධිකරණය හා නීති පති දෙපාර්තුමේන්තුව යොදා ගැනීමට උත්සාහ කළ බවත්, එයින් සිදු වූයේ එම ආයතන දැඩි අපහසුතාවට ලක් වීම බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

රටේ යහ පැවැත්මට තිබෙන ස්වාධීන ආයතන ආරක්ෂා කිරීම රජයක යුතුකමක් හා වගකීමක් බව කී ඒ මහතා ,ඒ ගැන නොතකා කටයුතු කිරීමෙන් අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව කෙරහි තිබු විශ්වාසයට හානි සිදු වූ බවට ජනතාව තුළ මතයක් ගොඩ නැඟී ඇතැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,මොරවක – වැලිව ,කොටපොළ – ලිඳගාව හේන ,දෙනියාය – කිරිවැල්දොළ හිගුරහේන ,ඉහළගම හා ,විහාරහේන ප්‍රදේශවාසීන්ගේ ආරාධනයෙන් ” රටේ අනාගතය ” මැයෙන් පැවැති සුහද හමු වලට සහභාගී වෙමිනි .

හෙට්ටිගේ මහතා එහිදී මෙසේද කීය .

” ඉදිරි ජනාධිපතිවරණය රටේ අනාගතය විසඳෙන මැතිවරණයක් .ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉන් ජය ගන්නා බව දැනටමත් බොහෝ දෙනා දන්නවා .ඒ ජයග්‍රහණය ගැන දැන ගත් සතුරු බලවේග ඔහුට ඉවක් – බවක් නැතිව කරදර කළා .පදනමක් නැති නඩු දැම්මා .ඒවා ගැන හොඳින් කරුණු සොයා බැලූ අධිකරණය හැකි උපරිම ලෙස යුක්තිය ඉටු කළා .අධිකරණයට හිස නමා ආචාර කරන්න ඕනෑ .ඒ නිසා අද ගෝඨාභය මහතා තරමක මානසික නිදහසකින් යුතුව ජනපතිවරණයට මුහුණ දෙමින් සිටිනවා .

යහ පාලකයන් මුල සිට ම කළේ රට දියුණු කිරීමට හිත යොමු කිරීම නොව ,රටට වැඩ කළ මිනිසුන් හිරේ දාන්න සැලසුම් හැදීමයි .නීති විරෝධීව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයක් හදල ඒ මඟින් කීර්තිමත් මිනිස්සු හිරේ විලංගුවේ දැම්මා .ඒ විමර්ශන කොට්ඨාශය පිහිටුවීම වැරදියි කියල ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් වහන්සේ නඩුවක් දැම්ම .ඒකට දැන් අවුරුදු 4 කට වැඩියි .තවම තීන්දුවක් නෑ .දේශපාලන පළිගැනීම් ගන්න අධිකරණය යොදා ගැනීමට උත්සාහ කිරීම හොඳ නෑ .යුක්තිය ඉටු වන බව පේන්න ඕනෑ .

යෝෂිත රාජපක්ෂට ඇප නොදීම ගැන වූ අභියාචනයෙදි එදා මහාධිකරණ විනිසුරු තුමා කරුණු සොයා බලා කීවේ ,අදාළ මහේස්ත්‍රාත් තුමා ඒ සම්බන්දයෙන් අධිකරණමය මනසකින් ක්‍රියා කර නැති බවයි .අධිකරණය අපහසුතාවට ලක් කරන්න වැඩ කළ අය ගැන අනාගතයේ හෙළි දරව් වේවි .

එදා මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ නායකත්වයෙන් ඉහළ මට්ටමින් අපේ රට ගොඩ නැගෙමින් තිබුණා . ගමේ මිනිස්සුන්ට අත මිට සරු කර ගන්න බැසිල් මහත්තය ආර්ථික උල්පත් මතු කරල දුන්නා .අද ඒ සියලු දේ විනාශ කරලා .මිනිස්සු අන්ත අසරණයි .නොගැලපෙන නායකයන් එකතු වී හදා ගත් මේ විකාර රූපී ආණ්ඩුව රට ගොඩ ගන්න බැරි තැනට තල්ලු කර තිබෙන්නෙ .
රටට ආදරේ ඇති අය එකතු වෙලා රට ගොඩ ගන්න ඕනෑ .වාද භේද අමතක කරමු .පළමුව හිතන්න ඕන රට ගැනයි .අභියෝග රැසක් ඉදිරියට එනවා .එක විට මල් යහනා මතු වෙන්නේ නෑ .පහළම තැන තිබෙන පලදායීතාවය ඉහළට ගේන්න අප හැමෝම වැඩ කරන්න වෙනවා .

රට අගාධයට දාපු අය කොහොමද ජනතාවගෙන් නැවත වරමක් ඉල්ලන්නෙ ?රටේ ආරක්‍ෂාව නැති කරලා .හෙටක් නැති රටක් හදපු නායකයන්ට කිසිවෙකුගේ ආශීර්වාදයක් ලැබෙන්නෙ නෑ .ඔවුන් ගෙදර යන කොට හෘද සාක්ෂිය කෑ ගසාවි .රටට අත් කර දුන් අවාසනාවන්ත ඉරණමට ඔවුන් ප්‍රසිද්ධියේ ජාතියෙන් සමාව ගන්න ඕනෑ .

මේ රට දියුණු කළ හැක්කේ බුදු දහමේ මග පෙන්වීමෙන් .පුද්ගලයාගේ සිට යහපත් රටක් හදා ගැනීම දක්වා ඒ තුළින් නිසි මඟ පෙන්වීමක් කරනවා .නායකයන් ජනතාවගේ ආදරය සමඟ බැඳී සිටින්න ඕනෑ .ඒ බැඳීම් කැඩී යාමට ඉඩ ඇති තැන් ගැන හිතන්න ඕනෑ .එක් වැරදි තීරණයකින් හානිය බොහෝ විය හැකියි . අනාගතයේ විනි විද දකින දේශපාලනයක් පොදු ජනයා බලාපොරොත්තු වෙනවා .එය අප ගොඩ නගා ගත යුතුයි .

සියලු ජාතීන්ට සමගියෙන් ජීවත් විය හැකි පරිසරය හදා ගැනීම ඉතා වැදගත් . එකිනෙකාට ආදරය දක්වන සමාජයක් හැදෙන්න ඕනෑ .ඒ සඳහා ගමේ ජනයාගේ එකමුතුකම වැදගත් .අන් අයගේ මත ඉවසන ,මානව ගුණ ධර්ම රකින මිනිසුන් අපි ගමින් ගමට බිහි කර ගන්න ඕනෑ . එසේ වුවහොත් රටම ලස්සන වේවි .මනසින් දියණු මිනිසුන් බිහි වන තරමට සමාජය ශක්තිමත් වෙනවා .යැයි ද හෙට්ටිගේ මහතා කීය .

– Khmedia

62 views

9 Comments to “අධිකරණය කල සාධාරණය නිසා ගෝටාභය නිදහස් මනසින් ජනාධිපතිවරණ ප‍්‍රචාරණයේ..”

  1. kamal says:

    එක්සත් ජාතික පක්ෂය හා ජවිපෙ නැති ජාතිවාද ප්‍රශනයක් ඇති කරයි.තියෙන්නෙ මොහිදින් බෙග් හා කරුණා වගේ මුස්ලිම් දෙමල අය අඩුවිමයි.

    • Nelum says:

      ඇති යන්තම් ලලිත් වීරතුංග ඇතුලට දාපු එක ගෝඨාභය නිසා නිවැරැදි වුණා…

  2. kamal says:

    ඉන්දියාවේ ප්‍රාන්තයකින් 1/8 පමන වන අපේ රටට අපේ ජාතික ධනය කා දමන පලාත් සභා අහෝසිකල යුතුයි.ගෝත්‍රික නායකයන් නැති කල යුතුයි

  3. Gamini says:

    කලු සුද්දන් වීරයන් වුණා…

  4. Sepala says:

    මේ හාදයාගේ කටට ඉබ්බෙක් දමනු.

  5. Gemunu says:

    සාධාරණ නඩු නිමිත්තක් තියෙනව නම් නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණයේ කාර්යයයි. එහෙම නැතුව ඡන්ද නිම වෙන තුරු නඩු කල් දැමීම මොන ක්‍රමයක්දැයි අපට නම් නොවැටහේ.

    • Norata Eka says:

      ඔබට එය වටහා ගන්න තරම් මොලයක් නැහැ , සාධාරණය නඩු නිමිති නැති එකයි ප්‍රශ්නය…නමුත් නීතියේ හිල් වලින් රින්ගා, නඩු දමනවා, නඩු ද්ෂ්මූ පසු නඩු විභාග කරන්න වෙනවා, එය සිදු වන්නේ යම් ක්‍රියා පටිපාටියකට අනුව , ඒ නිසා අසාධාරණයට පත් වූ පුද්ගලයන්ටත් ඒ ක්‍රියා පටිපාටියකට අනුගත වීමට සිදු වනවා..

  6. sajith says:

    former Additional solicitor general has told the real story

  7. prabath says:

    තෝ පැත්තකට වෙලා හිටු චන්ද කඩන්නේ නැතුව

Main News