අධිකරණය හෝ නීතිපති අදාල නෑ.. රන්ජන්ට පාර්ලිමේන්තු ආ හැකියි..

January 20, 2021 at 6:28 am | lanka C news
අධිකරණය හෝ නීතිපති අදාල නෑ.. රන්ජන්ට පාර්ලිමේන්තු ආ හැකියි..

‘කථානායකතුමාට පමණයි රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට කැදවීමට අයිතිය තියෙන්නේ. ඒ සදහා අධිකරණයටවත්ල නීතිපති දෙපාර්තමේන්තුවටවත් මැදිහත් වෙන්න බෑ. රන්ජන් රාමනායක මහතා පිළිබද අවධානය යොමුකර එතුමා පාර්ලිමේන්තුවට කැදවන්න’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකලක්‍ෂමන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කලේය.

ගරැ කථානායකතුමනිල ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නඩුවේදී ඇපල් අධිකරණය පැහැදිලිවම කිව්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වාඩි කිරීම ඔබතුමාට අයිති කාර්්‍යභාරයක්. ඒ සදහා අධිකරණයට මැදිහත් වෙන්න බෑ කිව්වා. යම් අයකු පාර්ලිමේන්තුවේ වාඩිකරවීම ඔබතුමාට අයිති වැඩක්. අධිකරණයටවත් නීතිපති දෙපාර්තමේන්තුවටවත් ඒ සදහා මැදිහත් වෙන්න බෑග අනුර බණ්ඩාරනායක මහතාගේ නඩු තීන්දුවෙදී අධිකරණය පැහැදිලිවම කිව්වා පාර්ලිමේන්තුවේ කටයුතුවලට කිසිම අධිකරණයකට මැදිහත් වෙන්න බෑ කියලා. ඒ වගේම චමල් රාජපක්ෂ මැතිතුමා කථානායක කාලයේදී ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ දෝෂාභියෝගය නවත්වන්න කියලා අධිකරණය තීන්දුවක් දුන්නා. නමුත් එතුමා නැවැත්වූයේ නෑග ඒ වගේම මේ කාරණයේදී ඔබතුමාටයි අයිතිය තියෙන්නේ තීරණයක් ගන්න.

ගරැ කථානායකතුමනි

ඔබතුමා ප්‍රකාශයක් සිදුකරලා තිබ්බාල නීතිපති සහ අධිකරණය කිව්වොත් රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ගේනවා කියලා. නමුත් ප්‍රේමලාල් ජයසේකර මහත්මයා පාර්ලිමේන්තුවට ගේන්න හදනකොට නීතිපතිතුමා ඔබතුමාට එපා කිව්වා. ඔබතුමාට එපා කිව්වට ඔබතුමා එය ගනන්ගත්තේ නෑ. එහෙම බලනකොට ඔබතුමාට පමණයි අයිතිය තියෙන්නේ . ඒ අයිතිය රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අවධානය යොමුකරලා එතුමා පාර්ලිමේන්තුවට ගෙන්වන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

– මාධ්‍ය ඒකකය

49,805 views

24 Comments to “අධිකරණය හෝ නීතිපති අදාල නෑ.. රන්ජන්ට පාර්ලිමේන්තු ආ හැකියි..”

  1. SL says:

    ප්‍රෙිමලාල් ට පුලුවනි නම රංජ ටත් පුලුවනි තර්කය හරි.හැබයි මුන් දෙන්නටම එන්න දීම ට වඩා කතානායක සරමක් ඇදගෙන ඔලුවෙන් සිටීම නම්බුකාරයි.ලංකාව යන්නෙම නයිජීරියාව සෝමාලියාව පැත්තට.

    • Lanka parlimenthuwa or Parlihonthuwa, Nigeria, Somalia walata wada anthai. Minimaruwo, banku horu, isthri dushakayo, thrasthawadiyo, kudu genwana maudalalia. wanachara padadayo, ganunge/ piriminge backside arinawa witharak novei, backside arina anthima wal katha partihonthuwe wistharakarala kiyawanawa, elipitama koti ganan mahajana salli horakan karanawa. Lanka parlimenthuwa kiyanne anthima padada, hira gederatath wediya wanachara aparada karayo inna thena, Ranjan, Kiriella, Rajitha Champika, Anura Kumara weni padada, kalakanni muspenthu hora jadayo thamai ape Lankawa palanaya karanne.

  2. W M Fernando says:

    Ranjan waned to condemn whole courts system and legal system in the country and destruct public confidence. It is a grave crime which should not be pardoned. All previous cases limited to individual incidences.

    • Sudaththa says:

      Any criminal offence is considered as done against the society not as an individual case. Million dollar question is proven criminal offence is stronger than difermation of court (against corrupted lawyers and judges as per the general opinion of the public).

  3. Gini says:

    Doesn’t matter you are correct, you all are criminals.

  4. harsha says:

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතු පරමාධිකාරී බලතල සියල්ල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අදාල නෑ. උත්තරීතර වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

  5. මෝලංගිරියා says:

    මූ හිතං ඉන්නෙ ඕනෙ ගොනෙකුට පර්ලිමේන්තු එන්න පුලුවන් කියලා..!

    • Ayi Molangiriyo, okkoma Gonnu witharak nemei, 226 ma Gonkaparla thamai parlihonthuwata ewilla inne. Mage Avatharetath onenam enda puluwan owun okkoma arangihilla maha muhudata danda.

  6. Jagath Hettiarachchi says:

    නීතිය උත්තරීතර යැයි කියුවද එය බොරුවකි.

    එබඳු උත්තරීතර බවක් එහි නැත.

    නීතිය කියා දෙයක් නැත.

    නීතිය යනු හුදෙක් ම පාලකයා ගේ කැමැත්ත පමණි.

    පේමලාල් තමාගේ ගොඩේ නිසා ඔහු ගෙන්නා ගන්නට අධිකරණය අමතා විමසන්නේ නැත.

    රන්ජන් විරුද්ධ ගොඩේ නිසා ඔහු ගෙන්වන්නට නීතිය බාධා කරන්නේ නේද කියා අධිකරණය අමතා අසයි.

    නීතිය යනු පාලකයා ගේ කැමැත්තයි.
    එහි කවර නම් උත්තරීතර බවක් ද ?

  7. ARA says:

    ඕන ගොනෙකුට ඔහොම කියන්ට පුළුවන්

  8. Gini says:

    Jail is the highest university any Srilanken
    politicians can go to.

  9. Saradiel says:

    විරුද්ද පක්ෂෙ ඉදගෙන අසුනක මත
    ඔබ ගොන් රජෙකි සජිත් ගේ ගොන් රැලට හිත
    ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
    මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත.

Main News