අධිකරණය හෝ නීතිපති අදාල නෑ.. රන්ජන්ට පාර්ලිමේන්තු ආ හැකියි..

January 20, 2021 at 6:28 am | lanka C news
අධිකරණය හෝ නීතිපති අදාල නෑ.. රන්ජන්ට පාර්ලිමේන්තු ආ හැකියි..

‘කථානායකතුමාට පමණයි රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට කැදවීමට අයිතිය තියෙන්නේ. ඒ සදහා අධිකරණයටවත්ල නීතිපති දෙපාර්තමේන්තුවටවත් මැදිහත් වෙන්න බෑ. රන්ජන් රාමනායක මහතා පිළිබද අවධානය යොමුකර එතුමා පාර්ලිමේන්තුවට කැදවන්න’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකලක්‍ෂමන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කලේය.

ගරැ කථානායකතුමනිල ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නඩුවේදී ඇපල් අධිකරණය පැහැදිලිවම කිව්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වාඩි කිරීම ඔබතුමාට අයිති කාර්්‍යභාරයක්. ඒ සදහා අධිකරණයට මැදිහත් වෙන්න බෑ කිව්වා. යම් අයකු පාර්ලිමේන්තුවේ වාඩිකරවීම ඔබතුමාට අයිති වැඩක්. අධිකරණයටවත් නීතිපති දෙපාර්තමේන්තුවටවත් ඒ සදහා මැදිහත් වෙන්න බෑග අනුර බණ්ඩාරනායක මහතාගේ නඩු තීන්දුවෙදී අධිකරණය පැහැදිලිවම කිව්වා පාර්ලිමේන්තුවේ කටයුතුවලට කිසිම අධිකරණයකට මැදිහත් වෙන්න බෑ කියලා. ඒ වගේම චමල් රාජපක්ෂ මැතිතුමා කථානායක කාලයේදී ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ දෝෂාභියෝගය නවත්වන්න කියලා අධිකරණය තීන්දුවක් දුන්නා. නමුත් එතුමා නැවැත්වූයේ නෑග ඒ වගේම මේ කාරණයේදී ඔබතුමාටයි අයිතිය තියෙන්නේ තීරණයක් ගන්න.

ගරැ කථානායකතුමනි

ඔබතුමා ප්‍රකාශයක් සිදුකරලා තිබ්බාල නීතිපති සහ අධිකරණය කිව්වොත් රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ගේනවා කියලා. නමුත් ප්‍රේමලාල් ජයසේකර මහත්මයා පාර්ලිමේන්තුවට ගේන්න හදනකොට නීතිපතිතුමා ඔබතුමාට එපා කිව්වා. ඔබතුමාට එපා කිව්වට ඔබතුමා එය ගනන්ගත්තේ නෑ. එහෙම බලනකොට ඔබතුමාට පමණයි අයිතිය තියෙන්නේ . ඒ අයිතිය රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අවධානය යොමුකරලා එතුමා පාර්ලිමේන්තුවට ගෙන්වන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

– මාධ්‍ය ඒකකය

49,825 views

24 Comments to “අධිකරණය හෝ නීතිපති අදාල නෑ.. රන්ජන්ට පාර්ලිමේන්තු ආ හැකියි..”

  1. හේනේ මාමා says:

    එහෙනං ඔය වගේ ගස් කාලකන්නි පාර්ලිමේන්තු ගෙන්නන්න එපා. ඌ මන්ත්‍රී වරප්‍රසාද අරන් තවත් බොරු වපුරයි කාලකන්නියා. ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහ ඔහොම නිකන් සාක්ශි නැතුව ප්‍රකාශ කරලා පස්සෙ ඒව ඔප්පු කර ගන්න බැරි වුන නිසා නේ ඕක වුනේ. හඬ පට බලද්දී ඌම තමයි අධිකරණය දූශිත කරල තියෙන්නේ.

    • Hudson says:

      Yako Speker kiyanne Rajapasalage kunu hodanna. eyata Rajapasa kiwwoth witharak salaka balay.

  2. Alapaluwa says:

    එය ඔබේ වල්වැදුණු නීතියට වියයුතුයි නැතිනම් අපි දන්නා වෙනත් නීතියක් තිබේද? මෙතරම් ගොන්ජා ගැන දුකයිනම් ඌ මේ නොමනා විදියට හැසිරෙනවිට පාළනය කරගන්න තිබුණා දැන් නිකම් කිඹුල් කදුළු පෙන්වන්න හදන්න එපා අපි දන්නවා එක ඔයාලගේ මහා එකාගේ පටන් තිබෙන දෙයක් කියා පෑඩ් සජියා පාර්ලිමේන්තුවේ කථා කරන්න මාතෘකා නැතිකමට අනවශ්‍ය කථා මේවා මේ ජනතාවගේ බදු මුදල් ඔයාලා නාස්තිකරන්නේ.මම ඔයාගේ වයසට ගරුකරනවා නැතිනම් දන්නවා හොඳවයින් දෙකක් කියන්න.

  3. siri says:

    gona thappulanawa, ganaganna epa, ona gonekuta puluwan thappulanna.

  4. Kalu makka says:

    දුකද? ම්ම්ම් back ද front ද

  5. kkuruwita says:

    මූ නියමෙටම නීතිය දන්නවා . ඔක්කොමලා නඩුවලට අල්ලන්න ඕන මේ මිනිහා තමයි. මොහු නැවත නැවතත් පට්ට ගොං නීතිඥයකු බව ලැජ්ජා නැතිව ඔප්පු කරමින් සිටී.

  6. බන්ඩා says:

    ඕනා ගොනා තප්පුලනවා.

    • ගන්ජ බන්ඩා says:

      ගොන්ජ ඇපිල් නොකල දඩුවම් විදින සිරකරැවෙක් බව නීතිඥ කිරිඇල්ල දන්නෙ නැහැ. 🤣

  7. ගොන් තප්පුලනවා. අනේ මුගේ කට

  8. A Sri Lankan says:

    A valid argument despite political differences and opinions

  9. Nimal says:

    ගොනෙක් බව දන්නවා මෙචිචර ගොන් බුරැවෙක් කියාලා දන්නේ අද. ඒක අතකට මුගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙනට බැනේ

  10. Anju says:

    Just like you had your “FCID” where you guys manipulated the Police, Judges etc etc.i hope people like you & your padman will b wiped out forever.

Main News