අධිකරණය අධිවේගී වෙයි.. දිනේෂ් ඇතුළු මන්ත‍්‍රීන් 09කට අදම සිතාසි.. අදම නඩුව අහයි.. වැලිකඩ විරෝධතා ඇයි විමසයි..

March 23, 2017 at 3:50 pm | lanka C news
අධිකරණය අධිවේගී වෙයි.. දිනේෂ් ඇතුළු මන්ත‍්‍රීන් 09කට අදම සිතාසි.. අදම නඩුව අහයි.. වැලිකඩ විරෝධතා ඇයි විමසයි..

ඒකාබද්ද විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නව දෙනෙකුට අධිණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් හේතුවෙන් මහජන පීඩාවක් ඇති වේ යයි බොරැුල්ල පොලීසිය විසින් කරනු ලැබූ කරුණු දැක්වීම සලකා බලමිනි.

මෙම නඩුව අද පස්වරු 04.00ට විභාගයට ගන්නා අතර එහිදී මෙම උද්ඝෝෂනය සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය විමසීමට නියමිතය.

47 views
Main News