අධිකරණ නියෝගයත් නොතකා ඇල්පිටියේ ඡන්දයත් කල්දමයි..?

September 2, 2019 at 11:20 am | lanka C news
අධිකරණ නියෝගයත් නොතකා ඇල්පිටියේ ඡන්දයත් කල්දමයි..?

අධිකරණය විසින් නියෝග කර ඇතත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය ජනාධිපතිවරණයෙන් පසුවට කල්දැමීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇමැති සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් එක්ව මෙම සැලසුම් ක්‍රියාත්මක බව ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළේය.

ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ලබාදී ඇති දින අනුව ප්‍රාදේශීය සභා මැතිවරණය ස්ථිර වශයෙන්ම පැවැත්විය යුතු බවද එය කල් දැමීමට ක්‍රියා කළහොත් ආණ්ඩුවට එරෙහිව උපරිම නීතිමය කටයුතු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

80 views

6 Comments to “අධිකරණ නියෝගයත් නොතකා ඇල්පිටියේ ඡන්දයත් කල්දමයි..?”

  1. RAYMOND says:

    ඕක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වු පසු පවත්වන්න

  2. john says:

    We will be surprised if Ranil does not try to Postpone elections 🙂

  3. අපරාදෙ අර කැළණිය පන්සලේ ඡන්දෙ කල් දාගන්න බැරි උනානෙ මේ මිස්ටර් ක්ලීන් ඇන්ඩ් ද ක්ලෑන් එකට !!

  4. රාහුල කොලුවා says:

    සඡිත් මහත්තයා රටම ඉල්ලනව කිව්වත් ඇල්පිටිය ඉල්ලන්නේ නෑ කියලා සඡිත් මහත්තයට සැකයක් තියෙනවද මන්දා…

  5. රටම ඉල්ලන සජිත් මහතාට පුලුවන්නම් ඉස්සෙල්ලා මෙක දිනලා පෙන්නන්න.ඔට්ටුයි බැහැ.

  6. Krishan Senarath says:

    සජිත්‍ට පුළුවන් නම් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට චන්දය ඉල්ලලා සභාපති වෙලා පෙන්වන්න කියන්න එක කරන්න බැ මොකද කවුරු දැම්මත් චන්දය පොහොට්ටුව උඩින් දිනනවා ඒ චන්දය තියන එක ආණ්ඩුවට ආවාසි මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපයටත් ආවාසියි මොකද කෙවල් කිරිමේ බලය අහිමිවෙලා යනවා ජනාධිපතිවරණයට බලපෑමක් වෙනවා පොහොට්ටුව දින්නොත් එක රැල්ලක් වෙනවා

Main News