අධිකරණ නියෝගයෙන් පසු මහින්ද තීන්දුවක් ගනී.. හදිසි නිවේදනයක්..
December 3, 2018 at 7:17 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නිවේදනයෙන් පසු ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
මාධ්‍ය නිවේදනය
කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට අපි එකඟ නොවන්නෙමු.
එයට එරෙහිව හෙට දින ආරම්භක පැයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ මොහොතේදී අපි කටයුතු කරමින් සිටින්නෙමු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ සහ ඊට අදාල අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු.
රටෙහි දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා වූ අරගලය එනම්, මහමැතිවරණයක් හරහා මහජනතාවගේ මතය දිනා දීම සඳහා වූ වැඩපිළිවෙල වෙත මෙම තීරණාත්මක මොහොතේදී ඔබගේ කැපවීම වඩාත් අවශ්‍ය වන බැවින් ඒ සඳහා කැපවන ලෙස ද අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.
මව්බිමට ඇති ආදරය ද, නීතියට ඇති ගෞරවය ද දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංකභාවය ද පෙරදැරිව මේ තීරණාත්මක මොහොතේ සාමකාමීව, ධෛර්ය සම්පන්නව සහ වගකීම් සහගතව ඔබ ඔබගේ යුතුකම් රට වෙනුවෙන් ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.
මහින්ද රාජපක්ෂ
දෙමල කොටි ඩයස්පෝරාව, අධිරාජ්‍යවාදී බටහිර රටවල්, ජවිපෙ, කතෝලික පල්ලිය ඇතුලු මෙකී කී, නොකී ශ්‍රී ලංකා විරෝධී බලවේග සියල්ල එකාමෙන් එකතුවී අපේ ආදරණීය මවුබිමට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට අරඅඳිමින් සිටී.
එලඹ ඇති අනතුර හොඳින් තේරුම්ගෙන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන ඇතුලු දේශප්‍රේමී නායකයන් හා අත්වැල් බැඳඟෙන කටයුතු කිරීමට මෙරටට ආදරය කරන සියලු දෙනා තරයේ සිතාගත යුතුයි.
කැකිල්ලේ නීති නැවත කරලියට
ඔය කවුරු ආවත් අපිට ඇති සෙතක් නැහැ . අවංක නායකයෙක් දැනට කොහෙවත් නැහැ .මොන පක්ෂක වත්. හැමෝම තම තමන්ගෙ මඩි තද කරගත්ත. ඒක මේ අපි හැමෝම දන්නව, හැබැයි නොදන්නව වගේ කතා කරනව. මහින්ද ආවත් රනිල් බේරනව , රනිල් ආවත් මහින්ද ව බේරනව , හොරු හොරු කෝමත් එක එකාට ෆිට්. මොකෝ දෙන්නගෙම හොර කේස් නේ තියෙන්නෙ. හැබැයි ජනතාව ඉස්සරහ මහා යුද්ධයක් පෙන්නනව. තිරේ පිටුපස්සෙ ජෝගි නටනව, හැබැයි ඇපේ ඈයෝ ඕව දන්නෙ නෑ, පක්ස පාට වලට බෙදිල කෑමොර දෙනව, මරා ගන්නව. උං උංගෙ මඩි තද කරගන්න එක මතෘකා ගෙනත් ආතල් දෙනවා… ඒව අහල ජනතාව චූන් වෙලා ඒව පස්සෙ දුවනව, උං තද කරගන්නව. ඔයා කරුවත් අපිට ආදරේට ඕවා කරන්නනෙ නැහැනේ, අපිට කල ඉටි ගෙඩියක් නෑ, ඔක්කොම ඒ ඒ අයගෙ යටිකූට්ටු වැඩ වල අතුරුඵල තමා.හැබැයි කටු කන බල්ලොන්ට කටු විසි කරනව මොකෝ ඌ බුරනව ආරක්ෂා කරන කියල දන්නව. ඒත් අර සාමන්‍ය මිනිහෙක්ට කල ලබු ගෙඩියක් නෑ.වැඩිය ඕනෙ නෑ, ලෙඩක් හැදිල රජයේ රෝහලට යන ලෙඩාට ඇඳක් නෑ ඉන්න, හැබැයි අර උත්තමයෝ යන්නෙ කෝටි ගනන් වාහන වල, ඔය එකක් විතරයි. ඔයා මොකා ආවත් අපිට වැඩැක් නෑ, අපි කරගත්තොත් අපිට. කාලකණ්ණි දේශපාලනය වෙනුවෙන් කතා කරන අපි කාලකණ්ණි, අපි උං දෙන ආතල් භාරගන්නා තාක් මේ චක්‍රෙ කැරකවෙයි.
කැකිල්ලේ රජතුමාගේ නඩු තීන්දු පිලිබදව ලාංකීය සමාජයට හොද අවබෝධයක් තියෙනවා. එමනිසා ඒ කැකිල්ලේ රජු ගැන විග්‍රාහයන් අවශ්‍ය නොවේ. එදා හාස්‍ය උපදවන කථා වස්තූන් මැවූ කැකිල්ලේ රජතුමා මනක්කල්පිත වුවත් වර්ථමාන ලාංකීය සමාජයේ ජීවමාන කැකිල්ලේ රජවරුන් සිටිනවා
MAHINDA MATHITHUMA NE
SRI LANKA WE BAHUTHARAYA
OBA SAMAGA I
DEPAYIN NAGEESTINNA
MULU MAHATH JANATHA WATA
MA SAKTHIYA WASANAWA
LABEEWA.
THERUWAN SARANI.
Somaliyawata Pan kallak watuna wage neh unp karayanta.Thawa dawas 3k indapan usawiye thinduwa denakan.Ethakota kala warenko chandeta.
උසාවි ගියාට වැඩක් නෑ. නඩුකාරයො ඉන්නෙ 9 දැනට එයින් 7ක් නඩු අහනවා 7 වෙනිදා වෙනකම්. අවම 3ක් ඕනෙ නඩුව අහන්න. ඒ නිසා 8 වෙනිදා වෙනකම් මහින්දලාට තහනම් නියෝගයක් ගන්ඩ වෙන්නෙ නෑ. 8 සිකුරාදා. 11 තමා නඩුවට යම් තීරනයක් ගන්න ආසන්නම දිනය වෙන්නෙ. මහින්දයෝ පව්නෙ ඔයා
මහ ලොකු අපරාදයක් මහින්ද මහත්තයට උනේ… සිං ගොරා අපිව කෑව..