අධිකරණ නියෝගය කඩමින් පිරිසක් බලෙන්ම මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ කෝවිල් නාම පුවරුවක් සවි කරයි..

May 28, 2019 at 6:30 am | lanka C news
අධිකරණ නියෝගය කඩමින් පිරිසක් බලෙන්ම මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ කෝවිල් නාම පුවරුවක් සවි කරයි..

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාර භූමියේ 26 දින කිසියම් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් නීරාවී පුල්ලයාර් කෝවිල යනුවෙන් නාම පුවරු දෙකක් ඉදිකල බවට ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් කියා සිටියේය.

පසුගිය මැයි 06 වනදා මුලතිව් ගුරුකන්ද රජමහාවිහාරයේ නඩු තීන්දුව ලබා දෙමින් මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කොට සිටියේ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ දේවලය තුල නීරාවි පුල්ලයාර් කෝවිල වශයෙන් නම යෙදීම මුලතිව් පොලිසියේද සහභාගීත්වයෙන් සිදු විය යුතු බවටත්ය.

නමුත් 26 උදෑසන මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ භූමිය තුල පධාන බුදු පිළිමය ඉදිරිපිට එක් නාම පුවරුවක්ද අනෙක් නාමපුවරුව පනසල් භූමියේ අනෙක් කෙලවරේද ඉදිකිරීමට පියවර ගෙන තිබුණි.

මේ පිළිබඳව ගුරුකන්ද රජමහා විහාරයේ නඩුවට පෙනී සිටි නීතීඥ රෝහන තල්පාපාවිල මහතා කියා සිටියේ,

‘‘ මෙම සිදුවීමේදී මුලතිව් මහෙස්ත්‍රාත් තුමාගේ නියෝගය කිහිප වරක්ම කඩකිරීම හා පැහැර හැරීම සිදුව තිබෙනවා එකක් මුලතිව් මහෙස්ත්‍රාත් තුමන් නියෝගය කොට සිටියේ අදාල නාම පුවරුව විහාරයේ දේවාලය තුල යොදන ලෙසටයි නමුත් මෙම පිරිස දේවාලය තුල නොව විහාර භූමියේ ඉදිකිරීම සිදු කර තිබෙන්නේ දෙවන කරුණ මෙම නාම පුවරු ඉදිකිරීමේදී කිසිදු පොලිස් නිලධාරීයෙකු සම්බන්ධ කරගෙන නැහැ, තෙවන කරුණ පන්සල් භූමියට අනවසරයෙන් ඇතුල් වී බාධා කිරීම් සිදු කිරීම, සිව් වන කරුණ පුරාවිද්‍ය භූමියක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් නොමැතිව නාම පුවරු යෙදීම ,  පොලීසියේ රාජකාරිය සිවිල් පාර්ශවයක් විසින් සිදු කිරීම වැනි අධිකරණ නියෝග කඩ කිරීම්ය.

නමුත් මෙම නාම පුවරු ඉදිකිරීම සම්බන්ධයෙන් තමන් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් වරයා දැනුවත් කළ බවටත් තමන්ගේ අවසරයකින් තොරව කිසිදු වෙනත් ඉදිකිරීම්ක් සිදු කිරීමට නොහැකි බැවින් අදාල ඉදිකිරීම් සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය දැනුවත් කිරීමට පියවර ගන්නා බවටද නීතිඥ රෝහණ තල්පාවිල මහතා වැඩි දුරටත් කියා සිටියේය.

අදාල පිරිස් විසින් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරුව ඉදිකිරීම සමබන්ධයෙන් මුලතිව් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට පැමිණ එම පිරිස් වලින් කටඋත්තරයක් පමණක් ගත් බවට විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

27,121 Viewers

10 Comments to “අධිකරණ නියෝගය කඩමින් පිරිසක් බලෙන්ම මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ කෝවිල් නාම පුවරුවක් සවි කරයි..”

  1. UD says:

    බහුතර ජාතිය සුළුතර ජාතීන්ට යටත්ව සිටින එකම රට ශ්‍රී ලංකාවයි.

    • The Citizens says:

      Sri. Lanka needs neither the religious fanaticism nor the racialism of the separatists .

      • SALMAL says:

        Stop Hindu Tamil fanaticm in north Srilanka …
        President is this tamil sahajivanaya ? Why are you silent ?
        Wake up Sinhalese folks wke up protect our Gurukanda buddhist Viharaya in Jaffna ,Vavuniya

        • SALMAL says:

          Stop Hindu Tamil fanaticm in north Srilanka …
          President is this tamil sahajivanaya ? Why are you silent ?
          Wake up Sinhalese folks wake up protect our Gurukanda buddhist Viharaya in Jaffna ,Vavuniya

  2. sinha le says:

    අපේ රටේ බුරු ඔල මොට්ටාල නාකයන් අපිම පත් කිරීම ගැන අපිම ලැජ්ජා වෙන්න ඕනේ

    • sky says:

      සුළුජාතික අන්තවාදී ත්‍රස්තවාදී දෙමල ,මුස්ලිම් ජාතිකයන් නිසා වැනසි යන්නේ උතුර ,නැගෙනහිර අපේ රටේ එතිහාසික බෞද්ධ පුදබිම්
      මේවාට රට පාලනය කරන වත්මන් යහපාලන දුර්වල පාලකයන් වග කිව යුතුයි …
      ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරුව ඉදිකිරීම සම්බන්ධයෙන් කටයුතු කරන මෙන් ජනපතිගෙන් අපි ඉල්ලමු .
      මෙයට අපේ බලවත් විරුද්ධත්වය පල කරමු ..මේකද උතුරේ දෙමල සංහිදියාව ? සහජීවනය ?
      මේ සියල්ටම හේතුව ඔවුන්ගේ දෙමළ භාෂාව රජයේ භාෂාවක් කිරීමයි ..මේ නිසා ඔවුන් අපේ රටේ උරුමය මංකොල්ලා කෑමට සැරසේ
      වහාම දෙමල භාෂාව තහනම් කරනු ..සිංහල නොදන්නා සෑම පුරවැසියකුගේම අයිතිය අහෝසිකරනු
      සිංහල බෞද්ධයෙනි ,දැන්වත් අපේ මාතෘ භුමිය රැකගැනීමට කටයුතු කරව් ..දේශපාලකයන්ට සුළුජාතීන්ගේ ජන්ද වාසිය ලබා ගැනීමට අපේ රටේ බෞද්ධ බිම් බිලි දීමට,විනාශ කිරීමට ඉඩ නොදෙව් ..වහාම ලන්දේසි යුගයේ සිදුකල තේසවලාම් නිතිය අහෝසි කරනු

  3. Love nature says:

    එදා එක්සත් ජාතික පක්ෂය

    බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම සිංහල ජාතිය සහ රට පාවාදීමකැයි කියමින් එක්සත් ජාතික පක්ෂය විසින් රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කළේ ය. සිංහල ජාතිය ආරක්ෂා කරගැනීමට මහනුවර දළදා මාලිගාවේ දී පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව එහි සිට කොළඹ දක්වා ජේ ආර් ජයවර්ධනගේ විසින් 1957 ඔක්තෝබර් 04 වැනි දින අරඹන ලද පා ගමන එවැන්නකි. බලය විමධ්‍යගතකිරීමේ රට සභාවලට එක්සත් ජාතික පක්ෂ දැඩි ලෙසම එරෙහි විය

  4. lal italy says:

    me keliya kohomath hariyanne naha ape sinhala daruwanta bududhama,sinhalakama apa dayada kala yuthui,enisa me hambayo, demallu sri lankawen panna damanna one.

  5. kamal says:

    ගුරු දෙව් ශාසන ආලය කියන්නෙ මොකද
    පුතා අහිංසකකම
    අහිංසකකම අනිත් ආගම් වලත් තියෙන්න පුලුවන්ද
    නැ නෙවෙයි පුලුවන්
    එතකොට අහිංසකකම කියන්නෙ කෙලෙසක්ද
    පුතේ ඔව්
    අහිංසකකමෙන් තොර කරුණාවක් තියෙනවද
    එහෙම එකක් තියෙනවා ඒ තමයි මනුස්‍යත්වය
    එය තියෙන්නෙ කාටද
    සෝවාන් ශ්‍රාවකයාට විතරයි නමුත් අනිත් අයටත්
    තියෙනවා අහිංසක වුනාම
    ඇවිත් චණ්ඩ වෙනවා දුටු ගැමුණු රජ්ජුරුවො වගෙ ඒක
    කෙලෙසක් තමයි නමුත් පුතේ දුටුගැමුණු රජ්ජුරුවො
    යුද්ධ කරලා පින් කරගත්තෙ නැ
    පින් කරගත්තෙ රුවන්වැලි සැය හදලා
    මේ අහිංසකකම පිඩාවක් ගුරුතුමනි
    පුතා තවම සෝවාන් වෙලා නැ
    නමුත් පුතාට පිඩාව තියෙන්නෙ සියයට විස්සක් විතර
    එය නැති කර ගන්නෙ සෝවාන් වෙලා
    සෝවාන් වුනාම පිඩාවකින් තොර ශාසන ආලයක්
    එනවද ගුරුතුමා දැන්පුතා ඒක අත්වින්දා
    ඒ කියන්නෙ පුතාගේ හැම තැනම නැති මනුස්‍යත්වය වැඩියි
    දැන් තියෙන මනුස්‍යත්වයේ තියෙන්නෙ මෛත්‍රිය
    මෛත්‍රිය හින්දයි බුදුදහම තම්බින්ට කියලා දෙන්නෙ
    නමුත් කපටි වුනොත් එන්නෙ කෘාර තාවය
    එය තමයි මුලධර්මවාදය
    බුදුදහමේ එන මුලධර්මවාදය ධර්මය ප්‍රචාරය නෙවෙයි
    කපටි වි කෲර විමයි
    මෛත්‍රිපාල සිරිසේන කපටි වුනේ නැ කෲර වුනේ නැ
    පුතා වගේ සංවේදි වෙන්නෙත් නැ නොන්ජල්
    නමුත් රනිල් කපටි වුනා කෲර වුනා හැබයි නොන්ජල් නැ
    මහින්ද කෲර වුනේ නැ කපටි වුනේ නැ නමුත්
    කැබතිගොල්ලාවේ සටනෙන් පසු හරි කපටියි
    මුස්ලිම් බහුතරයේ ඡන්දය තමයි බලන්නෙ
    කවුද අවංක පුතේ එක්කෙනෙක්වත් නැ
    දැන් තියෙන්නෙ කපටි විමේ ප්‍රශ්න අහිංසක විම නෙවෙයි

    • sunimal says:

      අපේ රටේ ඇති සෑම හින්දු කෝවිලකම නම වෙනස්කර බෞද්ධ නම් යොදනු

Main News