අධිකරණ නියෝග නොතකා නැගෙනහිරින් ආ විරෝධතා පාගමන උතුරේ.. මුල්ලිවයික්කාල් ස්මාරකයේ පහන්ද දල්වති..
February 6, 2021 at 12:47 pm | lanka C news
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් නගෙනහිර පලාතෙන් ආරම්භ වූ විරෝධතා පාගමන මුලතිව්, වවුනියාව හරහා මන්නාරමට ගමන් කිරීමෙන් පසුව අද (06) මන්නාරමේ සිට කිලිනොචිචිය දක්වා ගමන් ඇරඹීමට සංවිධායකයින් විසින් පියවර ගෙන ඇත.
අම්පාර පොතුවිල් ප්‍රදේශයෙන් පසුගිය 03 වනදා ආම්භ වූ මෙම විරෝධතා පාගමන මඩකලපුව හරහා ත්‍රීකුණාමලයට පැමිණීමෙන් අනතුරව මුලතිව් නගරයට පිවිසියේය. අනතුරුව මුලතිව් මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී විරෝධතාකරුවන් විසින් ස්මාරකයේ පහන් දල්වා නෙඩුන්කේනි හරහා වව්නියාවට ලඟා විය. මේ අනුව වව්නියාවේ සිට මන්නාරම නගරයට පිවිසීමෙන් අනතුරුව මන්නාරමේ සිට අද (06) දින තුනුක්කායි මල්ලාවි, මාන්කුලම් හරහා කිලිනොච්චියට ලඟා වීමට නියමිතව ඇති අතර හෙට (07) දිනයේදී යාපනයෙන් අවසන් කිරීමට පියවර ගෙනඇත.
මේ අතර විරෝධතා පාගමන වෙනුවෙන් සෑම දිස්ත්‍රීක්කයකින්ම අදාල පොලිස් ස්ථාන විසින් අධිකරණ තහනම් නියෝග ගෙන තිබුනද එම තහනම් නියෝග නොසලකා හරමින් විරෝධතා පාගමන් පැවත්වීම විශේෂ විය.
උතුරුනැගෙනහිර පුරාවිද්‍යා කැනීම් වලට විරෝධය පෑම, දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, යුද්දයෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබා දීම, වතුකම්කරුවන්ට රුපියල් දහසක දීමනාවක් ලබා දීම, කොරෝණා වෛරසයෙන් මිය යන මුස්ලිම් වරුන් අදාහනය නොකිරීම ඇතුලු කාරණාවන් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පා ගමන පැවත්වෙයි.
විරෝධතා පා ගමන වෙනුවෙන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ කිහිපයක් මූලිකත්වය දරා ඇති අතර ඊට අමතරව සිවිල් සංවිධාන, අතුරුදහන් වූවන්ගේ ඥාති එකමුතුව හා ආගමික නායකයින් ඇතුලු පිරිසක් විසින් සංවිධානය හා මෙහෙයවීම සිදුකරනු ලබයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්න බැරිනම්, එවැනි නියෝග ලබා නොගෙන ඉන්න තිබුණා. එම අධිකරණයන් හෑල්ලුනට ලක් කරන්නේ නැතුව. කොළඹ පැත්තේ විරෝධයකට අධිකරණ නියෝග ලබගෙන, කඩ කලානම්, මෙලහට ඔක්කොම ඇතුලේ. ඇයි එකම රටක නීති දෙකක්?
අපේ ස හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ……….හොදට තිබුන රටක්…. අද වැටිච්ච තැනක්….
අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්න බැරිනම්, එවැනි නියෝග ලබා නොගෙන ඉන්න තිබුණා. එම අධිකරණයන් හෑල්ලුවට ලක් කරන්නේ නැතුව. කොළඹ පැත්තේ විරෝධයකට අධිකරණ නියෝග ලබගෙන, කඩ කලානම්, මෙලහට ඔක්කොම ඇතුලේ. ඇයි එකම රටක නීති දෙකක්?
I don’t why government allow this kallathonis to protest against native Sri Lankans.there should be a foriegn influence too
අනේ මන්දා මුන් ඉල්ලනවා ඉල්ලනවා ඉවරයක් නෑ
පිරපාහරන්ට නං පුරෝලා හම්බුනා බ*ලෙක් වගේ යන්න
මුනුත් ඉල්ලන්නෙ ඒකමද
හැම එකට ම පොල්ල උස්සන්නේ නැතුව උන්ටත් ටිකක් ඇහුම්කන් දෙනවා. අපේ අනාගත දු දරුවන් ගැන හිතලා.
අධිකරණ නියෝග කඩ කළාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඊට උපරිම දඬුවම් දිය යුතුය. මහජන මුදලින් නඩත්තුවන සුමන් දිරන් ලාට මුලින්ම ක්‍රියා කළ යුතුය.
එකම රටක් නීති දෙකක්
පව් ගොන් බයියෝ