අධිකරණ නියෝග නොතකා විරෝධතා ඇරඹේ.. මාර්ග වසයි.. පොලිස් ප‍්‍රහාරක බලඇණි සූදානම්..

May 17, 2017 at 2:10 pm | lanka C news
අධිකරණ නියෝග නොතකා විරෝධතා ඇරඹේ.. මාර්ග වසයි.. පොලිස් ප‍්‍රහාරක බලඇණි සූදානම්..

සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යලය අහෝසි කරන්නැයි රජයට පල කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන ගණනාවක් විසින් පවත්වනු ලබන විරෝධතා පා ගමන මේ වන විට ආරම්භ වී තිබේ.

මේ හේතුවෙන් ඉබ්බන්වල හන්දිය, ලෝටස් වටරවුම වසා දමා ඇති අතර පොලිස් ප‍්‍රහාරක බල ඇණි සූදානමින් සිටී. එම ආශ‍්‍රිත ප‍්‍රදේශයන්හි දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට අද හා හෙට දිනයේ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් අධිකරණය විසින් ඊයේ පස්වරුවේ වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

කෙසේ වෙතත් කැළණිය සරසවිය අසලින් ආරම්බ වී ඇති පා ගමන නවතන්නට පෑලියගොඩ පොලීසිය විසින් අධිකරණයෙන් ඉල්ලූ අවසරය ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

77 views
Main News