අධිකරණ බිමේදී සැමියා බිරිදට පිහියෙන් අනී.. මිය යයි..

December 17, 2019 at 5:30 pm | lanka C news
අධිකරණ බිමේදී සැමියා බිරිදට පිහියෙන් අනී.. මිය යයි..

කෑගල්ලේ ප‍්‍රදේශයේ දෙදරු මවක් සිය ස්වාමියාගේ පිහිපහරට ලක් විමෙන් මිය ගොස් ඇති බව කෑගල්ල පොලිසිය අද ( 17) පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි මීදුම, යටගම, රඹුක්කන පදිංචි කාන්තාවකි. ඇය මිය ගොස් ඇත්තේ අද දින කෑගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තකට පැමිණී අවස්ථාවේ සිය ස්වාමියා විසින් ඇයගේ ලය ප‍්‍රදේශයට සිදු කරන ලද දරුණු පිහි ඇණුමකදිය. එම පිහි ඇණුම සිදු වි ගත වු නිමේෂයකින් ඇය මිය ගිය බවත් මෙම පිහි ඇණුම සිදු කර ඇත්තේ අධිකරණ පරිශ‍්‍රවය තුළදිය.

පිහි ඇණුම සිදු කරන පුද්ගලයා යුධ හමුදාවේ සේවය කරන අතර මිය ගිය කාන්තාව සමග විවාහ වි සැමියා පදිංචිව සිටි දී්වෙල කෑගල්ල ප‍්‍රදේශයේ ජිවත් වි ඇති අතර දීවෙල පදිංචිව සිටින අතරවාරයේ කාන්තාවගේ උපන් ගම වන රඹුක්කන මීදුම, යටවල ප‍්‍රදේශයේ නව නිවසක් ඉදි කර එම නිවසේ පදිංචිව කාලය ගත කර ඇති බව දැනට ලැබි ඇති තොරතුරු වාර්තා කරමින් පොලිසිය පවසති.

එම නිවසේ සිටියදි දෙදෙනා අතර ඇති කර ගත් පවුල් ආරවුලක් දුර දිග ගොස් එම නඩු විභාගය අද පෙරවරුවේ කෑගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේදි විභාග විමට තිබුණු අවස්ථාවේ මෙම ඛේදවාචකය සිදු කර ගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර 40 හැවිරිදි රාජපක්ෂ පේඩිගේ ජගත් ප‍්‍රදීප් ගුණසේන යන අය අය මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මිය ගිය කාන්තාවට හා සැකකාර පියාට පාසල් අධ්‍යාපනය හදාරන පිරිමි දරුවන් දෙදෙනෙකු වන අතර එක් දරුවෙකුට වයස අවුරුදු 5 කි අනික් දරුවාට වයස අවුරුදු 11 ද වන බව පොලිසිය කියයි.

මිය ගිය අයගේ දේහය මේ වන විට කෑගල්ල මහ රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසිය පරික්ෂණ සිදු වෙමින් පවති.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

90 views

2 Comments to “අධිකරණ බිමේදී සැමියා බිරිදට පිහියෙන් අනී.. මිය යයි..”

  1. සරා says:

    බන්ධනාගාර බල්ලන්ට ‌ෙමෙිවගේ තැනකදිවත් මිනිස්සුන්ට ආරක්ෂාව ‌ෙදෙන්න බැහැනේ.

    • බන්ධනාගාර බල්ලො ඉන්නෙ උසාවි මුර කරන්න නෙවි බූරුවො..
      නොදන්නා මගුල් නොලියා ඉදපං.

Main News