අධිකාරියේ විසදුම කක්කුටු බෙන වසා වක්කඩේ ඇරීමද..

September 24, 2018 at 6:48 pm | lanka C news
අධිකාරියේ විසදුම කක්කුටු බෙන වසා වක්කඩේ ඇරීමද..

සමස්ත ජනතා පාරිභෝගික සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාන් පිටි මිල පාලනයට අධිකාරියේ විසදුම කක්කුටු බෙන වසා වක්කඩේ ඇරීමද..

පසු ගිය දින ප්‍රීමා සමාගම විසින් නැවත වරක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසරයකින් තොරව පාන් පිටි කිලෝවක මිල රුපියල් පහකින් මිල වැඩිකිරීමට පියවර ගෙන තිබුනි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත අනුව පාන් පිටි විශේෂ භාණ්ඩයක් ලෙස සදහන් කර රුපියල් 87/-ක උපරිම සිල්ලර මිලක් නියම කර අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නියම කර තිබියදී මෙලෙස අධිකාරියේ අවසරයකින් තොරව මිල වැඩි කල දෙවන අවස්ථාව මෙය වේ..එහෙත් රජයක් ලෙස,මෙලෙස අමු අමුවේ මහා පරිමාණ ව්‍යාපාර නීති උල්ලංඝනය කරන විට මෙතෙක් එ සදහා ගත් නීතිමය පියවර කුමක්ද යන්න අප සංගමය විමසා සිටීමට කැමැත්තෙමු.

එම මිල වැඩිකිරීමට සාපේක්ෂව අත්තනෝමතික ලෙස බේකරි නිෂ්පාදන වල මිලද ඉහල දැමීමට බේකරි හිමියන් කටයුතු සිදු කල අතර,එයද පාලනය කර පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරිමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කිසිදු මැදිහත් වීමක් මෙතෙක් සිදු කර නොමැත. මේ පිලිබඳව අප සංගමයද අවස්ථා ගණනාවකදී කරුනු ඉදිරිපත් කර තිබු අතර ජනාධිපතිතුමා පසු ගිය දින කැබිනට් මණ්ඩලයේ මේ පිලිබඳව දීර්ඝ ලෙස සාකච්චා කර තිබුණි.

එහෙත් ග්‍රෑම් 450 පාන් ගෙඩියක් සදහා උපරිම සිල්ලර මිලක් නියම කර අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙතෙක් කටයුතු සිදු කර නොමැත.

පාන් පිටි මිල පාලනයට අධිකාරිය මේ වනවිට ක්‍රියාත්මක වැඩ පිලිවෙල ‘වක්කඩේ ඇර කක්කුටු බෙන වැසීමක්’ ලෙස පෙන්වා දීමට අප සංගමය කැමැත්තෙමු. එලෙස අප පවසන්නේ මහා පරිමාණ කර්මාන්ත ආයතනයක් වන ප්‍රීමා සමාගම විසින් මිල වැඩි කර වෙලදපලට නිකුත් කරන පාන් පිටි මිලට විරුද්ධව එම සමාගමට එරෙහිව නීතිමය කටයුතු සිදු නොකර , අලෙවිය සිදු කරන කුඩා ව්‍යාපාර සදහා වැටලීම් සිදු කර අධිකරණයේ නඩු පැවරීමට මේවන විටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු සිදුකර ගෙන යන බැවිනි.

ජනාධිපති නීතිඥ මහතෙකු සභාපති දුරය දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ,මෙලෙස සත්භාවයෙන් තොරව අනීතිය ක්‍රියාත්මක කිරීම ඉතා ඛේදජනක.

මෙලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ජනතාව හා සාමාන්‍ය ව්‍යාපාරික ප්‍රජාව පීඩාවට පත් වන ලෙස කටයුතු සිදු කිරීම අප සංගමය දැඩිව හෙලා දකින අතර ,මේ සදහා වගකිවයුතු පාර්ශව හැකි ඉක්මනින් මැදිහත්ව සැමට සාධාරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

ජෙහාන් ප්‍රනාන්දු
සභාපති
සමස්ත ජනතා පාරිභෝගික සංවිධානය

101 views

4 Comments to “අධිකාරියේ විසදුම කක්කුටු බෙන වසා වක්කඩේ ඇරීමද..”

  1. Love nature says:

    තිරිඟු පිටි වල ග්ලසරීන් දර්ශකය සීනි තරම්ම ඉහල අගයක් ගන්නා බවත්, ඒ නිසා තිරිඟු පිටි දීර්ඝ කාලයක් භාවිතා කිරීම දියවැඩියා රෝගයට හේතු විය හැකි බවට ඇති තරම් වෛද්‍ය සාක්‍ෂි ඉදිරිපත් වී ඇත.

  2. Love nature says:

    1505 හේ පර සුද්දෝ පෟතුගාලේ ඉදන් ඇවිත් සුදු කිරමනා ගල් කකා (පාන්) ලේ බී බී ( වයින්) වෙරලේ ඇවිද්ද කතාවක් කියනවා. අපි තවමත් ඉන්නේ ඒ කාලේද ලැජ්ජයි.

  3. Love nature says:

    පර සුද්දො අපේ රටේ මිනිසුන්ට තිරිගු පිටි පුරුදු කරලා තියෙන්නේ පෝෂණ ගුණය සහ කෙදි සහිත කොටස් අයින් කරලා කන්න. උන් හොද කොටස කනවා නැත්නම් වැඩි මිලට වෙනත් රටවල විකුණනවා . අවුරුදු 509ක්ම සුදු පිටි ගිලලා අපේ මිනිසුන් හොයන්නෙම දැන් සුදුපාන්. සුදු පාන් කටට රහට හදලා දෙන්න අපේ රටේ රසායන ද්‍රව්‍ය වර්ෂයකට මෙ. ටො. 10,000ක් විතර එකතු කරනවා මේවා ඔක්කොම ගිල දාලා අපි ලෙඩ හදා ගන්නවා.

  4. LION says:

    පාන් පිටි

    අවුරුදු 507 ක් තිස්සේ !. අපි තාමත් පර සුද්දොත් එක්ක ජීවත් වෙන්න වලි කනවා !!.

Main News