අධිකාරී මාරු කරන්නැයි දින හතරක් වර්ජනය.. විරෝධතා..

September 13, 2019 at 2:02 am | lanka C news
අධිකාරී මාරු කරන්නැයි දින හතරක් වර්ජනය.. විරෝධතා..

ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලන වන නාවලපිටිය කැටබුලාව වතු යායේ වතු කම්කරුවන් පිරිසක් වතු අධිකාරිවරයා වහාම ඉවත් කරන ලෙස බලකරමින් වතුයායේ වතු කාර්යයාලය ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත විය.

වතු අධිකාරිවරයා මාරු කරන ලෙස බලකරමින් එම වතුයායේ කොටස් තුනක සේවය කරන වතු කම්කරුවන් 600 පමණ සිව්දිනක් තිස්සේ වැඩ වර්ජනයක නිරත වෙමින්  වතු කාර්යයාලය ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත විය.

උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටින්නේ වතු අධිකාරිවරයාගේ නිල නිවසට පානිය ජලය ලබා ගන්නා ජල නලයකින් නිවසක් ඉදි කිරිම සදහා ජලය ලබා ගත්තේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වතු අධිකාරිවරයා සේවකයෙකුට පහර දි ඇති බවයි.

වතු අධිකාරිවරයා එම වතුයායේම තවත් වතු කම්කරුවන් පිරිසකට මිට ප්‍රථම  පහර දි ඇති බවත්, වතු කම්කරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට යන සැම අවස්තාවකම වතු අධිකාරිවරයා වතු කම්කරුවන්ව බිය වද්දමින් එම ප්‍රශ්නවලට විසදුම් ලබා නොදෙන බව වතු කම්කරුවන් කියා සිටියි.

තවද මාසික අත්තිකාරම් මුදල් ප්‍රමාද වි තමන් වෙත ලබාදෙන බවත්, එ පිලිබදවද වතු අධිකාරිවරයාගෙන් කරුණු විමසිමේදි එයටද  ඔහු විසදුමක් ලබානොදන බව  උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේය.

වතු අධිකාරිවරයා මාරු කරන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවද  උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් වැඩිදුරටත් කියා සිටි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම වතුයායේ වතු අධිකාරි චමින්ද බණ්ඩාර මහතගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ තමන් කිසිසේත් වතු කම්කරුවන්ට පහර නොදුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වතු කම්කරුවෙකු නාවලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය විසින් පැමිණිල්ල විභාග කිරිම සදහා පැමිණෙන ලෙස තමන් වෙත දැනුම් දි ඇති බවද වතු අධිකාරිවරයා කියා සිටිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

950 Viewers
Main News