අධික එළවළු මිල පාලනයට ජනපතිගෙන් විසදුම්.. රජයේ ඉඩම්වල එලවළු වවයි..

February 25, 2020 at 8:02 am | lanka C news
අධික එළවළු මිල පාලනයට ජනපතිගෙන් විසදුම්.. රජයේ ඉඩම්වල එලවළු වවයි..

අධික එළවළු මිල පාලනය කොට ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළක් වහාම සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

අධික එළවළු මිල  ජීවන වියදම ඉහළ යාමට දැඩිව බලපා තිබේ. එය පාලනය කිරීමට කඩිනම් මැදිහත්වීමක් කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට  සහ වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග 24 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී කියා සිටියේය.

එළවළු වගා කරන ප්‍රදේශවල සිට දඹුල්ලට එළවලු ගෙන එනු ලැබේ. ඉන් පසු දඹුල්ලේ සිට නැවත  මුල් ප්‍රදේශවලටම එළවළු බෙදා හැරේ. ප්‍රවාහනයේ දී සිදුවන නාස්තිය නිසා අස්වැන්න විශාල ප්‍රමාණයක් අපතේ යයි. මෙය කිසිසේත්ම නිවැරදි ක්‍රියාදාමයක් නොවන බව  ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වතු සමාගම්වලට අයත් රජයේ ඉඩම්වල පොල් වගාවට සීමා නොවී එළවළු වගාවට ඇති හැකියාව සොයා බැලීමට   ද අවධානය යොමු විය.

ආර්ථික මධ්‍යස්ථාන ඇති කළේ පාරිභෝගික ජනතාවට සහ සුළු වෙළෙඳුන්ට  සහන සැලසීමට වුවද ඒවා මහා පරිමාණ වෙළෙඳුන් යටතට පත්වීමෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ද අවධානයට යොමු විය. යුද හමුදාවේ ද සහය ඇතිව එම කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙයි. ප්‍රදේශ කිහිපයක වී ගබඩා අළුත්වැඩියා කර තිබේ. සෙසු වී ගබඩා ද කඩිනමින් පිළිසකර කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

මොරගහකන්ද – කළුගග ව්‍යාපෘතියේ පදිංචිකරුවන්ගේ ගැටලු පිළිබදව ද සාකච්ඡා කෙරිණි. ඒවාට දිය හැකි කඩිනම් විසඳුම් සහ කොන්ත්‍රාත් සමාගම් වෙත කළයුතු ගෙවීම් නිසි අයුරින් නොකිරීම නිසා මතුව ඇති ගැටලු ද  සාකච්ඡා කරනු ලැබීය.

උමා ඔය වැනි ව්‍යාපෘති ආරක්ෂා කිරීමට ඒ ආශ්‍රිතව රක්ෂිත ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

30,771 Viewers

10 Comments to “අධික එළවළු මිල පාලනයට ජනපතිගෙන් විසදුම්.. රජයේ ඉඩම්වල එලවළු වවයි..”

  1. kawinda says:

    rekiya virahitha tharuna tharuniyan elawalu wagaa sangraamayata yomu karawaa ganna me honda awasthaawak. samuha govipolawal lesin patan ganna. krushikarma niladhaarin yodawa tharuna piris denuwath karamin bhoga wagaawa kalahoth apata awashya elawalu onawatath wadaa laba gatha hekiya. ewa vikuna leben mudalin kotasak tharuna sramaya wenuwen gewanna’ hemoma vinodetath ekak ekathu wei.

  2. Pohottu says:

    Ane meyata wada baaaaa.

  3. Luxman says:

    ආර්ථික මධ්‍යස්ථානයක් වරකාපොල ඇති කලොත් යාපනය පුත්තලම හා නුවරඑළිය යන ප්‍රදේශවල එලවළු පහසුවෙන් ප්‍රවාහනය කර රටේ බොහෝ ප්‍රදේශ වලට බෙදා හැරිය හැක.

    • නවහිටං says:

      හිටං කාලය ගන්න කරපු රැවටිලි නැවතත්!! රට නවහිටං යුගයකට.
      අටු කොටු පිරවීමේ අරමුණින් ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඇරඹී ඇත. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක්‌ අනුව මෙම වැඩපිළිවෙළ පසුගියදා කැකිරාව තිබ්බටුවැව වෙල්යායේදී ඇරඹිණි.
      රටේ වගා නොකරන සියලුම ඉඩම් වගා කරන පිරිස්‌ සඳහා ලබාදිය යුතු බව ජනපතිවරයා නියෝග කර ඇත. වගා සංග්‍රාමයක්‌ ආරම්භ කිරීමට නම් වගාව සඳහා සුදුසු ඉඩ කඩම් තිබිය යුතුය. එම නිසාම පෞද්ගලික ඉඩම් පවා ලබාගෙන මේ සංග්‍රාමය දියත් කළ යුතු බව ජනපතිවරයාගේ අදහසයි.
      (ඔක් 08 2017.දිවයින)

  4. kiribatha says:

    makulu dal niyaya:
    elavalu mila ihala nisa goviyo hamoma me wathawe elavalu wawai. thawa masa thunakin elawalu sapayuma wadiwela mila bahinawa. anduwath elavalu wawwoth, mila thawath bahinawa. ethakota nayata salli aran ada ealvalu wawana goveenta siyadivi hani karagannai wenne. Gotata upadesh dena ayata kisima danumak naha.

    • kiribatha says:

      Seeing high prices, every farmer will start growing high priced vegetables now. New supply comes to the market in about 2-3 months and price will go down. If the government also grows vegetables, the supply will be even bigger and the price will be significantly lower. Poor farmers who has to borrow money to grow vegetables end up committing suicide. Gota needs practical advisers. Otherwise, if he follows these type of short-sighted policies, he will be in a big trouble.

  5. N.Wimaladasa says:

    MR President we wanted grand planned and market economy to be bailout all destroy by UNP regime in last FIVE YEARS 2015 to 2020 until next election .While all products of consumer goods at ongoing market gone by rocked speed.Market having bord base room for maneuvering by black marks businessmen.They having links to UNP politician,those who lost last Presidential elections .They manupalited by Rajith Champika and Gang of Sajith cornies. Be careful of that .

  6. abu Bakar says:

    Let’s grow vegetables in Mangroves and reservations.

  7. David Milli-banda says:

    Mr. President, you see through the problems in the Country which your PM does not see.
    Appreciate very much all your efforts to lessen the burden of the masses. This is not the only instant.
    Your actions to date has shown you certainly eager to reduce the burden with your limitations.
    Had NOT the yahapalanaya pampered with your powers through the 19th Ammendment by now you would have taken the country on a better course.

    Nevertheless, appreciate your efforts and hope the people will give the SLPP the required 2/3rd to revoke the 19A to enable you to take the reins of running the country into your hands.

  8. baiya says:

    meyatath wada baa. hitan number 2. govithan karanna wahinna epaya. dan maasa dekak janawari 2 indan wassak naa. gini paavilla. dewo wassathu kalena, sabba sampaththi hethucha, peetho bhawathu lokocha, raja bhawathu dhammiko…..raja honda namlu kalata wahi wahala bawabhoga wadi diyunu wela, minissu dahami wenne. ada oya okkoma dewal thiyenne rina mattame. meyata wada ba ba bamai…

Main News