අධික නියගයෙන් වතුකරයේ තේ ගස් වේලී යයි.. පලදාව පහලටම..

March 1, 2020 at 8:02 am | lanka C news
අධික නියගයෙන් වතුකරයේ තේ ගස් වේලී යයි.. පලදාව පහලටම..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස තුනක් තිස්සේ පවතින වියළි කාලගුණය හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වි ඇති බව වතු අධිකාරිවරුන් පවසයි.

පවතින වියළි කාලගුණයත් සමග තේ වතු ආශ්‍රිතව පවතින ජල මුලාශ සිදි ගොස් තේ වගාවේ ස්ථාන කිහිපයකම තේ පදුරු වියළි ගොස් ඇති බවයි වතු අධිකාරිවරුන් පවසන්නේ.

පවතින වියළි කාලගුණය හේතුවෙන් තේ වතු ආශ්‍රිතව පානිය ජල ගැටළුවක්ද මතු වි ඇති බවත්, තවදුරටත් වියළි කාලගුණය පැවැතුණහොත් තේ වගාවට තවදුරටත් හානි සිදු විමට ඉඩ ඇති  බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.

තේ වගාවට බලපැම් ඇතිවිම නිසා වතු කම්කරුවන්ට දැනට ලබාදෙන දෛනික වැඩ දින ගණනද අඩුවිමට ඉඩ ඇති බවත්, තේ නිෂ්පාදනය පහල බසින බවත්, වතු අධිකාරිවරුන් වැඩි දුරටත් කියා සිටියි.

වියළි කාලගුණයත් සමග ප්‍රදේශය පුරා දිවා කාලයේ දැඩි උණුසුම් තත්ත්වයක් සහ අලුයම් කාලයේ අධික සීතල කාලගුණ තත්ත්වයක් පවති.

– හැටන් රංජිත් රාජපක්ෂ

8,846 Viewers

2 Comments to “අධික නියගයෙන් වතුකරයේ තේ ගස් වේලී යයි.. පලදාව පහලටම..”

  1. Sadarana Kota says:

    අය්යෝ ඕක මොකද්ද අපේ ජනාදිපතිතුමාට , ඕන දෙයක් කරන්ඩ පුළුවන් සුපෙර්මන් කෙනෙක්ට තමය් අපි චන්දෙ දීල තියෙන්නේ….ඔය හැමදාම headlines තියෙන්නේ අරක කරා, මේක කරා කියල , ඕකත් කරයි…

Main News