අධික වටිනාකමක් ඇති ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අල්ලයි…

July 10, 2019 at 8:40 am | lanka C news
අධික වටිනාකමක් ඇති ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අල්ලයි…

රුපියල් ලක්ෂ 30 කට විකිණීමට සැලසුම් කළ ගජමුතු දෙකක් සමග සැකකරුවෙකු අද (10) අළුයම වවුනියාව නෙඩුන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය පවසයි.

නොවිසුඳුනු අපරාධ විමරශන ඒකකයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරින් උපාය දූතයෙකු යොදවා අදාල ගජමුතු මිලට ගැනීමට සැලසුම් කොට අදාල සැකකරු වව්නියාව නෙඩුන්කුලම් ප්‍රදේශයට ගෙනවා ගෙන ඇති අතර එහිදී ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව නාමල්ගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු වන අතර අදාල ගජමුතු දෙක සැකකරුට ලැබුනු අයුරු පිළිබඳවද පරික්ෂණයක් අරඹා ඇති බවටත් අද (10) දිනයේදී සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවටද වවුනියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,070 Viewers

One Comment to “අධික වටිනාකමක් ඇති ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අල්ලයි…”

  1. විස්කි මැඩම් says:

    ගජමුතු ඔච්චර වටින්නේ ඇයි? ඒවගෙන් ගන්න ප්‍රයෝජනය කුමක්ද?

Main News