අධික වර්ෂාවෙන් උතුරේ වැසියන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විපතට…

December 5, 2019 at 2:11 am | lanka C news
අධික වර්ෂාවෙන් උතුරේ වැසියන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විපතට…

උතුරු පලාතට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් සාමාන්‍ය වැසියන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකයන් පවසා සිටියි.

සාමාන්‍ය වැසියන් වැඩිම ප්‍රමාණයක් විපතට පත්ව ඇත්තේ මාන්නාරම් දිස්ත්‍රීක්කයේ වන අතර මන්නාරමේ නානාට්ටාන්, මුසලී හා මඩු ප්‍රදේශයෙන් පවුල් 247 කට අයත් පුද්ගලයින් 779  දෙනෙකු විපතට පත්ව ඇති බව මන්නාරම් ආපදාකලමනාකරන ඒකකය පවසයි.

එමෙන්ම කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ කණ්ඩාවලෙයි, කට්ටෙයිකාඩු, පරන්තන්,පිරමන්තනාරු, ආදා ප්‍රදේශයන්හි වැසියන් 200කට අධික ප්‍රමාණයක් විපතට පත්ව ඇති බවටත් නිවාස හෝ වෙනත් හානි වාර්ථා වී නොමැති බවටද කිලිනොච්චිය ආපදාකලමානකරන ඒකකය පැවසීය.

මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේද පුන්කුඩතිව්, මරදන්කේනි, ස්නදිලිපායි, නෙඩුන්තීවු ආදි ප්‍රදේශයන්ට පසුගිය දින තුනක කාලයක් පුරාවට ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් වැසින් සියයකට ආසන්න පිරිසක් ආපදාවට ලක්ව සිටින අතරම නිවාස 15 කට ආසන්න ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇති බවටද වාර්ථා වෙයි.

මුලතිව් දිස්ත්‍රීක්කයේද නනිද්කඩාල් කලපුව අවට හා මුල්ලියාවලෙයි , පුදුකුඩිඉරිප්පු ආදි ප්‍රදේශයන්හි වැසියන් දහසකට ආසන්න ප්‍රමාණයක් ආපාදවනට ලක්වී ඇති බවටද වාර්ථා වන අතර විපතට පත් සියලුම වැසියන් වෙනුවෙන් පැය 24 පුරාම අඛණ්ඩ සහන සැලසීමට පියවර ගෙන ඇති බවටද උතුරේ දිසාපතිවරුන් හා ආපදාකලමනාකරන ඒකකයන් වැඩි දුරටත් පවසා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,555 Viewers
Main News