අධික වර්ෂාවෙන් ගංවතුර ගැලීමෙන් මන්නාරමේ වැසියන් 350 කට අධික විපතට

October 30, 2019 at 2:22 am | lanka C news
අධික වර්ෂාවෙන් ගංවතුර ගැලීමෙන් මන්නාරමේ වැසියන් 350 කට අධික විපතට

අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරමේ ගම්මාන කිහිපයකට බලපා ඇති ගංවතුර තත්වයක් හේතුවෙන් පවුල් 95කට අයත් පුද්ගලයින් 356 දෙනෙකු මේ වන විට විපතට පත්ව ඇති බවට මන්නාරම් ආපදා කලමනාකරන ඒකකය පවසයි.

මන්නාරම ජීවපුරම්, සිම්රෝන් නගර්, ශාන්තිපුරම්, එමිල් නගර්, එලුත්තූර් ගම්මානවල වැසියන් මෙසේ ගංවතුර තත්වයන් හේතුවෙන් විපතට පත්ව ඇති අතර එම ප්‍රදේශයන්හි ගංවතුර තත්වයන් සතියක පමණ කාලයක් පැවතීමත් පවතින වර්ෂාවත් සමග ගංවතුර තත්වයන් වැඩි වෙමින් පවතින බවටද වාර්ථා වෙයි.

අදාල ගම්මාන පිහිටි ප්‍රදේශයන්හි ජල කානු පද්දති විධිමත්ව සැකසීමට කිහිප අවස්ථාවකදීම නගර සභාව දැනුවත් කළද වර්ෂාව ආරම්භ වන තුරුම කානු පද්දතී සකස් කිරීමට මන්නාරම් නගර සභාව කටයුතු නොකිරීම හේතුවෙන් ගංවතුර මෙසේ බැස නොයෑම හේතු වශයෙන් විපතට පත් ජනතාව චෝදනා කරති.

පවතින ගංවතුර තත්වයන් හේතුවෙන් කුඩා දරුවන්ටද සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිව තිබෙන අතරම දෛනික කටයුතු සියල්ලක්ම අඩපන වී ඇති බවද විපතට පත් වැසියන් වැඩිදුරටත් කියා සිටිති.

විපතට පත් වැසියන් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා යුද හමුදාවේදී සහය ඇතිව ආහාර ඇතුලු පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇති බවටත් පවතින වර්ෂාපතිනය ඉදිරියේදී ඇදහැලුනහෝත් විපතට පත්වන සංඛ්‍යාව වැඩිවීමේ අවධානමක්ද පවතින බවට මන්නාරම් ආපදාකලමනාකරන කාර්යාලය වැඩිදුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

40 views
Main News