අධික වර්ෂාවෙන් නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ.. දෙදෙනෙක් මිය යයි…

November 10, 2021 at 12:40 pm | lanka C news
අධික වර්ෂාවෙන් නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ.. දෙදෙනෙක් මිය යයි…

දින හතරක් තිස්සේ නොකඩවා කෑගල්ල දිස්ත‍්‍රීක්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දේවාලේගම පොලිස් වසමේ මිනුවන්ගෙදර පුස්සැල්ල දේවාලේගම ප‍්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිම යටවූ පුද්ගලයන් දෙදෙනෙකුගේ මල සිරුරු සොයාගෙන ඇත.

මුදා ගැනිමේ කණ්ඩායම් වන පොලිසිය හමුදාව එක්ව පස් කන්දේ අතුරුදහන් වුවන් සොයා මෙහෙයුම් සිදු කරන ලදී.

වයස අවුරුදු 70 හා වයස අවුරුදු 32 ක් වන දෙදෙනෙකු මිය ගොස් ඇත.

එම නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු 68 ක් වන කාන්තාවක් තුවාල ලබා කෑගල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවද පොලිසිය කියයි.

– සමන් විජය බණ්ඩාර

10,155 views

2 Comments to “අධික වර්ෂාවෙන් නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ.. දෙදෙනෙක් මිය යයි…”

  1. කැලණියේ නයා says:

    අදර්මිස්ට පාලකයො පාලනේ කරද්දි සොබා දහමත් කම්පා වෙනව කොළබ කුලපති හිමි 2016 දී එසේ දෙසූ බණ අදටත් වලන්ගුද

Main News