අධික වර්ෂාව නිසා නන්දිකඩාල් කලපුවත් කලකට පසුව පිරෙයි…

November 22, 2018 at 5:30 pm | lanka C news
අධික වර්ෂාව නිසා නන්දිකඩාල් කලපුවත් කලකට පසුව පිරෙයි…

මුලතිව් දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් වසර ගණනකට පසුව නන්දිකඩාල කලපුව පිරී පවතින අතර මුලතිව් පුදුකුඩිඉරිප්පු පධාන මාර්ගය වැඩී ඇති වට්ටුවාක්කල් පාලමට උඩින් ජලය ගැලීමටද පටන් ගෙන ඇති බවට මුලතිව් වැසියන් කියා සිටිති.

පසුගිය දින කිහිපයේ ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන්නන්දිකඩාල් කලපුව පිරී පවතින අතරම නන්දිකඩාල් කලපුව හරහා ඉදිකොට තිබෙන වට්ටුවාකල් පාලම් මාර්ගයට ඉහළින් ජලය ගලාගෙන යන තත්වයක්ද හටගෙන ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූහ.

මේ හේතුව නිසාවෙන් වට්ටුවාක්කල් පාමට උඩනි ජලය ගලායාමේ වැඩිවීමේ අවධානමක්ද පවතින අතර එසේ වුවහොත් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අඩාල වීමේ අවධානමක්ද පවතින බවට මුලතිව් වැසියන් කියා සිටිති.

වසර ගණනාවක් මුලතිව් දිස්ත්‍රීක්කයට පැවති නියං තත්වය හමාර කරමින් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මේ වන විට නන්දිකඩාල කලපුව පිරීම හේතුවෙන් කලපුවේ එක් ස්ථානයකින් කැඩී ජලය මුහුදට ගලා යාමටද පටන් ගෙන ඇති බවට මුලතිව් වැසියන් වැඩි දුරටත් පවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2 views

4 Comments to “අධික වර්ෂාව නිසා නන්දිකඩාල් කලපුවත් කලකට පසුව පිරෙයි…”

  1. Raymond says:

    ආණ්ඩුව වෙනස ස්භාවර්ධනයටත් දැනෙනවා

    • පබළු says:

      නන්දිකඩාල් කලපුවත් මහින්ද මැතිතුමාගේ යලි පැමිණීම සහ කොටියාගේ විනාශය සමරනවා

  2. නන්දිකඩාල් සතුටින් පිරී ඉතිරී යනවා දමිළ මිතුරනි.

  3. කව්ද හොරා says:

    ප්‍රභාකරන්ගෙ ශුක්‍රානුවක් හමූනොත් සන්නගලයට දීපල්ල..

Main News