අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් නිවාස රැසකට හානි…

April 15, 2020 at 2:11 am | lanka C news
අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් නිවාස රැසකට හානි…

නොර්වුඩ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වයක් හේතුවෙන් වතු  නිවාස රැසක වහලවල් මත වු සිවිලි තහඩු ගැලවි ගොස් අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

(14) දින පස්වරු 4 ට පමණ නොර්වුඩ් ප්‍රදේශයට පතිත වු දැඩි වර්ෂාව සහ සුලං තත්ත්වයත් සමග නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වතුයායේ ස්ථාන කිහිපයකම පිහිටි වතු නිවාස 13 ක වහලවල් මත වු සිවිලි තහඩු ගැලවි ගොස් ඇති බවයි නොර්වුඩ් පොලිසිය පැවසුවේ.

සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති අතර , එම වතු නිවාසවල පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය ජලය කාන්දු විම නිසා  විනාශ වි තිබේ.

මෙම  අනතුරෙන් පවුල් 13 කට අයත් සමාජිකයන් 68 දෙනෙකු පමණ අවතැන් වි ඇති අතර ඔහුන් තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක නතර කිරිමට නොර්වුඩ් පොලිසිය සහ වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.

නිවාස වල සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

307 views
Main News