අධික වර්ෂාව හා ගංවතුර.. යාපනය හා කිලිනොච්චි පාසැල් වසා දමයි..
December 7, 2020 at 12:40 pm | lanka C news
පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රීක්කයේ සියලුම පාසල වෙතට අද (07) දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බවට උතුරු පලාත් අධ්‍යාපන දෙපාර් ත මේන්තුවේ ලේකම් එම්.ඉලංකෝවන් මහතා කියා සිටියේය.
පසුගිය 03 සහ 04 දිනයන්හි බුරවී සුලි කුණාටු තත්වය හේතුවෙන් පාසල් ළමුන්ගේ ආරක්ෂාව උදෙසා උතුරු පලාතේ සියලුම පාසල් වෙතට නිවාඩු ලබා දීමට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය විසින් පියවර ගනු ලැබුවාය.
නමුත් බුරවි සුලිකුණාටුව පහව ගියද පසුගිය දින කිහිපය තුලදී නොකඩවා යාපනයට සහ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් එම දිස්ත්‍රීක්කයන් දෙකේම ගංවතුර තත්වක් උදා වී ඇත.
පවතින තත්වය සැලකිල්ලට ගනිමින් කිලිනොච්චිය හා යාපනයේ විදහල්පතිවරුන් විසින් උතුරුපලාත් අධ්‍යාපන දෙපාර් තමේන්තුවට දැනුම් දීමෙන් පසුව ඒ පිළිබඳව උතුරු පලාත් ආණ්ඩුකාර කාර් යාලයට දැනුම් දීමෙන් පසුව පාසල් ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රීක්කයන්හි සියලුම පාසල් වෙතට නිවාඩු ලබා දීමට තීරණය ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
දෙමළ ජනතාව වෙනුවෙන් පස්ස උඩදාගෙන කෑගහන එක දේශපාලකයක් ආවෙ නෑ දෙමළ මිනිසුන් ගැන බලන්න. ලැබුනු සහනයක් ඇතොත් රජයෙන් කළ දෙයක් විතරයි.
කතාව ඇත්ත , අර පාර්ලීමේන්තුවට භාශා තුනෙම්ම පොර ටොක් දෙන ද්‍රවිඩ සම්භවයක් ඇති පට්ට සල්ලිකාරයො දෙන්නා දෙන අමර ටෝක් දිහැ බැලුවහම ,අපි හිතුවේ උතුරේ අවතැන් ජනතාවට උන් ගේ පිහිට ආරක්ශාව සලසනවා කියලා ,බලාගෙන ගියහම දේශපාලකයො කියන සර්වත්‍ර කුලකය කියන්නේ අමු ගැලරි කෛයිවාරු කාරයො විතරයි .විසිල් විතරයි බල්ටී නෑ බ්‍රෝ !
මිලේච්ච තාස්ත්රවාදින් සැමරැවාට සොභාදහමත් කෝපවෙලා