අධික වැස්සෙන් උතුරේ වැසියන් 9000 කට අධික පිරිසක් විපතේ…
November 13, 2017 at 2:15 am | lanka C news
මේ දිනවල උතුරු පලාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් පවුල් 2518 කට අයත් පුද්ගලයින් 9141 දෙනෙකු විපතට පත් වී ඇති බවටත් වර්ෂාව හේතුවෙන් යාපනයේ නිවාස 4 කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 159 කට අර්ධ හානි සිදුව ඇති බවට යාපනය දිස්ත්‍රීක් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා කියා සිටියේය.
මේ අනුව වර්ෂාව හේතුවෙන් යාපනයේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ යාපනය මරදන්කේනි ප්‍රදේශයේ වන අතර එහි පවුල් 643 ක් විපතට පත්ව ඇති බවටද යාපනය දිස්ත්‍රීක් ලේකම් වරයා කියා සිටියේය.
ඊට අමතරව උඩුවිල්හි පවුල් 106 (385), ඌර්කාවත්තුරේයි පවුල් 40 (137), කරෙයිනගර් පවුල් 8 (27), යාපනය නගරයේ පවුල් 55 (209), නල්ලූර් පවුල් 151 (552), කෝපායි පවුල් 249 (893), සංගානෙයි පවුල් 277 (1066), සන්දිලිප්පායි පවුල් 128 (444), තෙලිප්පලෙයි පවුල් 393 (1253), චාවකච්ඡේරි පවුල් 189 (759) , පේදුරුතුඩුව පවුල් 283 (1045) , මරදන්කේනි 643 (2382) වශයෙනි.
මේ අතර වර්ෂාව හේතුවෙන් යානයේ හානි වී ඇති නිවාස සියල්ලක්ම පාහේ යුද්දයෙන් පසුව නැවත පදිංචියට පැමිණ තාවකාලිකව ඉදිකරගත් නිවාස බවටත් විපතට පත්ව සිටින වැසියන් වෙනුවෙන් මේ වන විටත් යාපනය දිස්ත්‍රීක් ලෙකම් කාර්යාලය හා අපාදා කලමනාකරණ කාර්යාල හරහා අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇති බවටද යාපනය දිස්ත්‍රීක් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
සිරිසේනට දැන් දුක හිතෙයි ….මේ අපරාධකාරයන්ට දේව සාපේ වැදිලා …ඔය පටන් ගත්තා විතරයි