අධික වේගයෙන් ආ ත්රීවීලය ප්රපාතයේ.. 04ක් රෝහලේ..
September 7, 2019 at 5:30 pm | lanka C newsගම්පොල සිට ආගරපතන දක්වා ධාවනය වු ත්රිරෝද රථයක් අඩි 50 ක ප්රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් සිව්දෙනෙක් තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය තලවකැලේ ප්රධාන මාර්ගයේ නාවලපිටිය බොහිල් 8 කණුව ප්රදේශයේදිය.
අධික වේගයෙන් ධාවනය වි ඇති ත්රිරෝද රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් ත්රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බව අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේය.
අනතුරෙන් තුවාල ලැබු සිව්දෙනාම අවුරුදු 20 ත් 25 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, අනතුර පිලිබදව නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.
– හැටන් රංජිත් රාජපක්ෂ