අධික වේගයෙන් ගිය වෑන් රථය වැවකට පෙරලේ.. මුළුමනින්ම ගිලේ…

January 2, 2020 at 2:02 am | lanka C news
අධික වේගයෙන් ගිය වෑන් රථය වැවකට පෙරලේ.. මුළුමනින්ම ගිලේ…

වව්නියාව, කුරුදුපිටිය වැවට වෑන් රථයක් පෙරළීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.

අනුරාධපුරය දෙස වවුනියාව දෙසට ගමන්ගත් වෑන් රථයක් අළුයම් කාලයේදී අධික වේගයකින් ගමන් කිරීමෙන් එහි වේගය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා කුරුඳුපිටිය වැවට ධාවනය වී ඇති බවටය.

වෑන් රථය වැවට ධාවනය වීම හේතුවෙන් ජීවිත හානි අවම වී ඇති අතර වෑන් රථයේ ගමන්ගත් සිව්දෙනෙකු සුළු තුවාල ලබා ඇත.

කෙසේ වෙතත් වැවැට ධාවනය වූ වෑන් රථය සම්පූරණයෙන්ම දියේ ගිලී ඇති අතර වෑන් රථයේ සිටි පිරිස් ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන ඉරට්ටපෙරියකුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,905 Viewers
Main News