අධික වේගයෙන් යතුරුපැදියේ ගිය පොලිස් නිලධාරියා ඇලකට වැටී මියයයි…

June 28, 2021 at 5:30 pm | lanka C news
අධික වේගයෙන් යතුරුපැදියේ ගිය පොලිස් නිලධාරියා ඇලකට වැටී මියයයි…

කිලිනොච්චිය පොලිස් වසමේ පුනරීන්, කරඩිබෝක්කු මන්සන්ධියේදී සිදු වූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.

අදාල පොලිස් නිලධාරියා රාජකාරි නිමකොට ගමන්කරමින් සිටියදී යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලිකනුවක ගැටී අසල වතුර ඇලකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

අනතුරින් පොලිස් නිලධාරීයා බරපතල තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය පොලීසියේ සේවයේ නිරත අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ක් වයසැති කුමාරසිංහ නැමති කොස්තාපල් වරයෙකි.

මිය ගිය පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර මේ වන විට කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,018 views

5 Comments to “අධික වේගයෙන් යතුරුපැදියේ ගිය පොලිස් නිලධාරියා ඇලකට වැටී මියයයි…”

  1. ඩිංගිරිමැණිකේ says:

    හොඳ වැඩේ………🤣🤣🤣

    • සාධාරණ බණ්ඩා says:

      උබලයි පව්ලේ කෙනෙක්ට වෙන්න ඕන උබට ජීවිතයක වටිනාකමක් තේරෙන්න

      • පොඩි එකා says:

        පොලොස්සිය අදික වේගෙං දාවෙනේ කෙරලා හැපුනට නෙව හොඳය කීවෙ. අපි පනස් පහට යද්දිත් ඔය අල්ලලා අපෙ ආරස්සාවට උසාවි දානව නෙ ඒ කස්ටිය

  2. 70 වසරක ආතල් එක says:

    පොදු ප්‍රවාහනය හරියට තිබුන නම් මිනිස්සු හෝසේට බ්යිස්කල් වත් ත්‍රී වීල් වත් ගන්නේ නැහැ .
    එක දිනකට මැරෙන තරුණ ජීවිත 5-6 ,රටින් පිටට යන මුදල් සියල්ල බේරගන්න තිබුන හරි හැටි ප්‍රවාහන ක්‍රමයක් තිබුණ නම්.

    අරක්කු විකුණලා ආදායම් හොයන රටකට මොන පොදු ප්‍රවාහන ද :::::))))

  3. පොඩි එකා says:

    අර තඩි යමහා සික්ශන්ඩ්‍රෙඩ් එකද දන්නෑ නේ?

Main News