අධික වේගයෙන් ආ ත්‍රිරෝද රථයක් සුදු ඉර මතදී පාසල් දැරියක් හප්පයි.. බරපතලයි..

January 1, 2021 at 4:40 pm | lanka C news
අධික වේගයෙන් ආ ත්‍රිරෝද රථයක් සුදු ඉර මතදී පාසල් දැරියක් හප්පයි.. බරපතලයි..

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් සුදු ඉර මතින් මාර්ගය හරහා මාරු වෙමින් සිටි පාසල් දැරියක් අනතුරට පත් කර ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දමිල මහා විද්‍යාලය අසල සුදුඉර මතදිය.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ හැටන් කොටගල ස්ටොනික්ලිප් වතුයායේ දමිල මහා විද්‍යාලයේ 10 වන වසරේ අධයාපනය ලබමින් සිටි 13 හැවිරිදි සිසුවියෙකි.

තම අවශ්‍යතාවයකට කොටගල නගරයට පැමිණි පාසල් දැරිය කොටගල නගර මධ්‍යයේ සුදු ඉර මතින් මාර්ගය හරහා මාරු විමට ගිය අවස්තාවේ අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයේ පාසල් දැරිය ගැටි අඩි කිහිපයක් ඉදිරියට ඇදිගොස් පාසල් දැරිය බිමට ඇදවැටි ඇත.

අනතුරෙන් දැඩි ලෙස තුවාල ලැබු පාසල් දැරිය දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර , අනතුර සිදු කල ත්‍රිරෝද රථයේ රියදුරාව කොටගල නගරයේ ව්‍යාපාරිකයන් විසින් අල්ලා දිඹුල පොලිසිය වෙත භාර දි ඇත.

අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියදුරා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පොලිසිය වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂන නිලන්ත මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,298 views

6 Comments to “අධික වේගයෙන් ආ ත්‍රිරෝද රථයක් සුදු ඉර මතදී පාසල් දැරියක් හප්පයි.. බරපතලයි..”

  1. bua says:

    i have only one question. was three wheel driver a doctor or not?

    but there is another question. is she getting peniya or treatment from ayurvedic doctors?but dickoya hospital has only MBBS doctors. we are weerodara helayas doing this to us?

    may she be well soon. she can’t do anything about our fools trying hard being helayas.

  2. mp says:

    පයිත්තියන්ද….???

  3. Muthu says:

    දැන් හදිසි අනතුරු ගැන කිසිම රියදුරෙක් බය වෙන්න එපා. උදෘත ඇක්සිඩන්ට් කේස් ඕන තරම් තියෙනවා උසාවියේදී පෙන්නලා බේරෙන්න පුළුවන්. ලොකුම කේස් එක තමයි, අර ලකුණු ගන්න බැරිව නිතරම බිංදුවට අවුට් වෙන ක්‍රීඩකයා, බීල, රෝන් සයිඩ් ගිහින් අහිංසක මිනිහෙක් මරල හවස ගෙදර ගියා. ඊට පස්සේ සිදුවුණු අනතුරු ඕන තරම් තියෙනවා මොකුත් නොවුන. හැබැයි මේක ත්‍රී වීල් නිසා ටිකක් බේරෙන්න බැරිවෙයි. සමහර විට කුඩු ග්‍රෑම් තුන හතරක් උනත් වීල් එකේ තියෙන්න පුළුවන්.

  4. කඩියා says:

    සුදු ඉරට අඩිය තියන්න ඉස්සරවෙලා පාරෙ වාහන එනවද බලන්නෙ නැත්නම් sorry.com තමයි. පාරෙ යන මිනිස්සු මී හරක් වගේ පාර පනිනකොට ගාල කඩාගත්තු හරක් වගේ පාරෙ වාහන එළවන රියැදුරෝ උන්ව හප්පනවා.

  5. Kumara says:

    පින්සිදු වෙනව 30න් පස්සෙ license දෙන්න
    දෙන්න

Main News