අධික වේගයෙන් ආ ත්‍රිවිලයක හැපී දෙදරු පියා ජිවිතක්ෂයට.. පලාගිය රුයදුරු පොලිසියට භාරවෙයි…

August 22, 2021 at 2:10 am | lanka C news
අධික වේගයෙන් ආ ත්‍රිවිලයක හැපී දෙදරු පියා ජිවිතක්ෂයට.. පලාගිය රුයදුරු පොලිසියට භාරවෙයි…

හැටන් කොටගල සිට හැටන් නගරය දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක ගැටි දෙදරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

අනතුරෙන් මියගොස් ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජ් විජේවිරන් නැමති 42 හැවිරිදි  දෙදරු පියෙකි.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදිය.

මරණකරු තම නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිම සදහා අනතුර සිදු වු ස්ථානයේ පිහිටි වෙලදසැලට යාමට මාර්ගය හරහා මාරු විමේදි කොටගල සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයේ ගැටි අඩි කිහිපයක් ඉදිරියට විසි වි බරපතල ලෙස තුවාල ලබා සිටියදි ප්‍රදේශවාසින් විසින් තුවාලකරුව කොටගල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යන අවස්තාවේ ජිවිතක්ෂයට පත් වි ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ

අනතුර සිදු විමත් සමග ත්‍රිරෝද රථයේ රියදුරා පලාගොස් හැටන් පොලිසියට භාර වි ඇති අතර , ත්‍රිරෝද රථයේ අධික වේගය අනතුරට හේතුව වි ඇති බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

15,273 views

4 Comments to “අධික වේගයෙන් ආ ත්‍රිවිලයක හැපී දෙදරු පියා ජිවිතක්ෂයට.. පලාගිය රුයදුරු පොලිසියට භාරවෙයි…”

  1. එදා වේල හොයාගන්න මිනිස්සු says:

    ඔන්න දෙන් කුහක ජෙප්පො ත්‍රිවීලර් රියදුරු ගේ පෙටිකිරිය හොයනවා මඩ ක් ගහන්න

  2. Saradiel says:

    නිවන් සැප පතමු

  3. Saradiel says:

    මහ පාරේ මාරයා … ත්‍රිරෝද රථ

  4. kevin says:

    Does 3 wheeler has 2 wheels and look like a motorbike cnews?

Main News