අධික වේගයෙන් ආ ලොරියකට පාසල් සිසුවෙක් යටවේ..

July 11, 2019 at 8:40 am | lanka C news
අධික වේගයෙන් ආ ලොරියකට පාසල් සිසුවෙක් යටවේ..

අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයකට යට වි පාසල් සිසුවෙක් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම සිසුවාගේ තත්ත්වය බරපතල නිසා එම සිසුවාව මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් සාමිමලේ ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් මානෙලු වත්ත ප්‍රදේශයේදිය.

මානෙලුව වත්තේ සිට තලවකැලේ ලිදුල දක්වා තේ පැළ ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට මාර්ගයේ සෙල්ලම් කරමින් සිටි 14 හැවිරිදි  පාසල් සිසුවා ලොරි රථයේ ගැටි අඩි කිහිපයක් ඉදිරියට විසි වි ගොස් ප්‍රධාන මාර්ගයේ වැටි තුවාල ලබා ඇති බව නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

8,080 Viewers

One Comment to “අධික වේගයෙන් ආ ලොරියකට පාසල් සිසුවෙක් යටවේ..”

  1. Saradiel says:

    : ඉක්මන් සුවය පතනෙමි …

Leave a Comment

Main News