අධික වේගයෙන් ආ ලොරියක පාසල් සිසුවෙක් ගැටෙයි.. බරපතල තුවාල ලබා රෝහලේ..
September 14, 2019 at 8:02 am | lanka C news
හැටන් සිට බලංගොඩ දක්වා අධික වේගයෙන් ධාවනය කල ලොරි රථයකට කහ ඉරමතදී පාසල් සිසුවෙකු ගැටි පාසල් සිසුවා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නෝර්වුඩ් පොලීසිය පැවැසීය
මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් බගවන්තලාව.බලංගොඩ ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් අයර්බී කඩවීදිය ප්‍රදේශයේදීය
ප්‍රධාන මාර්ගය අභියස පිහිටි අයර්බී දමිල මහා විදුහලේ 2 වසරේ අධ්‍යාපය ලබන සිසු සිසුවියන් පාසල හැර නිවස කරා යන අතරතුර ප්‍රධාන මාර්ගයේ කහඉර හරහා මාරුවීමට ගිය සිසුවා ලොරි රථයේ ගැටි මෙම අනතුර සිදුවි ඇති බව අනතුර පිළිබද පරීක්ෂන පවත්වන නෝර්ඩුඩ් පොලිය පැවසුවේය
ලොරි රථයේ රියදුරා සැකපිට නෝර්ඩුඩ් පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නෝර්වුඩ් පොලීසිය පැවැසීය
ලොරි රථය ධාවනය කල ලොරි රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව පොලීසිය පැවසුවේය
– හැටන් රංජිත් රාජපක්ෂ
meka adika wegayen enne na, ehema awanam, e lamaya wisi wenawa saha wahane lissala yanawa
lamaya kisi balimak natuwa duwagena awith para balanne natuwa kaha irata paninawa, driver break karanawa…….liyanna kalin balanna video eka…dimo battek ohoma adi 5-6 kin natara wenna haiyen enna widiyak na
සිරදඩුවම වැඩිකලොත් වේගය අඩු කරගන්න පුලුවන්