අධික වේගයෙන් ගිය කැබ් රථයේ හැපුණු තරුණයින් දෙදෙනෙකු මිය යයි…

August 24, 2018 at 8:02 am | lanka C news
අධික වේගයෙන් ගිය කැබ් රථයේ හැපුණු තරුණයින් දෙදෙනෙකු මිය යයි…

මුලතිව්, මාන්කුලම, වෙල්ලාන්කුලම ප්‍රදේශයේදී ඊයේ (23) සවස සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මල්ලාවි පොලීසිය පැවසීය.

වෙල්ලාන්කුලම දෙස සිට මල්ලාවි දෙසට ගමන්ගත් යතුරුපැදියක්,හා මල්ලාවි දෙස සිට වෙල්ලාන්කුලම දෙසට ගමන්කළ කැබ් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

කැබ් රථය අධික වේගයෙන් ධාවනය වී ඇති අතර වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් සිදු වූ අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සදහන් කළේය.

පොලිසිය පැවසූවේ මාන්තෙයි නැගෙනහිර ප්‍රදේශයේ විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇන්තෝනි සුරේෂ් නමැත්තෙකු හා එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි එස්.පුනිදකුමාර් නැමැත්තෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවටයි.

අනතුරින් පසුව කැබ් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද පරික්ෂණ සිදු කරන මුලංකාවිල් සහ මල්ලාවි පොලීසිය පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

84 views

One Comment to “අධික වේගයෙන් ගිය කැබ් රථයේ හැපුණු තරුණයින් දෙදෙනෙකු මිය යයි…”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News