අධික වේගයෙන් ගිය ත්‍රිරෝද රථයක් අනතුරට පත්වෙයි…

August 9, 2020 at 2:06 am | lanka C news
අධික වේගයෙන් ගිය ත්‍රිරෝද රථයක් අනතුරට පත්වෙයි…

හැටන් සිට කොටගල දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ලිස්සාගොස් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා (07) දින කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

(07) දින පස්වරු 2 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් රුවන්පුර මංසන්ධියේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථය මාර්ගය හරහා ගමන් කල සුනඛයෙකු මගහැර යාමට උත්සහ කිරිමේදි හැටන් ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ත්‍රිරෝද රථය ලිස්සාගොස් ප්‍රධාන මාර්ගය හරහා පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවත් , ත්‍රිරෝද රථය අනතුරට පත් වන අවස්තාවේ ත්‍රිරෝද රථයේ රියදුරා පමණක් ගමන් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර , ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ප්‍රධාන මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ග වල රිය ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,310 views